අපේ සිහින කාර් එක ඩුබායි වල කුණු ගොඩවල් වල

218

වාහනයක් ගන්නවා කියන්නේ ලංකාවේ අයට නම් සේසතම වියදම් වෙන වැඩක් නේ.සේසතම වියදම් කරලත් ලංකාවෙ අයට ලෝකෙ සුපිරි කියල පිළිගන්න කාර් ගන්න අමාරුයි.

නමුත් ඩුබායි කියල කියන්නේ හිතාගන්නවත් බැරි ධනවතුන් ඉන්න රටක්. ගල්ෆ් කලාපයට අයත් වුණත් ඩුබායි ඊට වඩා ලිබරල් ධනවාදය වැළඳගත්ත ලෝකේ සුපිරිම හෝටල් තියන සුඛෝපබෝගි රටක්.විශේෂයෙන් ඩුබායි රටේදි මිනිස්සුන්ට තමන්ගෙ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ලොකු අවස්තාවක් තියෙනවා.ඒ නිසාම ලෝකෙ පුරාම තරුණ ව්‍යවාසාකයින් රාශියක් වාර්ෂිකව ඩුබායි වලට සංක්‍රමණය වෙනවා.ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසාකයිනුත් මේ විදියට ඩුබායි වල තමන්ගේ වාසනාව උරගා බලනවා

#1

ලෝකෙ නිශ්පාදනය කරන ඉතාම මිල අධික වගේම සුඛෝපබෝගීම කාර් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නෙ ඩුබායි වල ඉන්න ධනවතුන්.නමුත් ඩුබායි වල වසරකට 2000-3000ක් පමණ සුපිරි කාර් ප්‍රමාණයක් අත්හැර දමනු ලබනවා. මේ ආකාරයට අත හැර දැමුණු කාර් සහිත කාර් සොහොන් බිම් කිහිපයක්ම ඩුබායි වල තියෙනවා. මේවා අක්කර ගණනාවක් පුරා පැතිරුණු ඒවා.

#2

ඒ වගේම මේ සොහොන් බිම් වල අතහැර දාලා තියෙන්නේ පාරවල දකින්න ලැබෙන හොන්ඩා,සිවික්, ටොයෝටා ආදි කාර් වර්ග නෙවෙයි.ඒ වෙනුවට ලැම්බෝගිනි,ෆෙරාරි,පෝච්,රෝල්ස් රොයිස් වැනි මිල අධික වගේම අති නවීන සුඛෝපබෝගි කාර් වර්ගයි.

‌මිනිස්සු සුපිරි කාර් අතහැර දාන්නේ ඇයි?

ඩුබායි වලට මිනිස්සු එන්නෙ තමන්ගෙ වයාපාර කටයුතු දියුණු කරගන්නයි. නමුත් සෑම ව්‍යාපාරිකයෙක්ම දියුණුවෙන්නෙ නෑ.සමහර ව්‍යාපාර කාලයක් හොඳින් තිබිලා එකපාරටම බිඳ වැටෙනවා.මේ විදියට තමන්ගේ ව්‍යාපාර හොඳටම පවත්වාගෙන යන කාලෙට ව්‍යාපාරිකයන් විශාල මුදල් ගණන් ගෙවලා සුපිරි පන්නයේ කාර් වර්ග මිළදී ගන්නවා.

#3

ව්‍යාපාර බිඳ වැටීම ඩුබායි වලදී නම් ඉතාම භයානක දෙයක්.මොකද ඩුබායි වල ක්‍රියාත්මක වෙන ශරියා නීතිය යටතේ ණය පැහැර හැරීම කියන්නේ අපරාධ වරදක්.ඒ වගේම ඩුබායි නීතිය යටතේ බංකොලොත්තු වුණු ව්‍යාපාරිකයන්ට සහන සැළසීමේ ක්‍රමවේදයකුත් නැහැ.එතකොට ව්‍යාපාරය බංකොලොත් වෙලා ණය ගෙවාගන්න බැරි වුණොත් හිරේ යන්න වෙනවා.

නමුත් ඩුබායි වලදී සිරගත වෙනවා කියන එක ඔක්කොටම වඩා නරකයි.ඩුබායි වල සිර මැදිරි විශේෂයෙන් විදේශීය සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිහින් තියෙන්නේ.එක සිරමැදිරියක තියන්න ඕන සිරකරුවන් ප්‍රමාණය දෙතුන් ගුණයෙන් ඉක්මවලා ගිහිල්ලා.ඒ වගේම මේ සිර මැදිරි වලදී සිදුවන ලිංගික අඩත්තේට්ටම්,වෙනත් ශාරිරික හා මානසික හිරිහැර වලටත් ලක් වෙන්න සිද්ධ වෙනවා.ඒ නිසා ඩුබායි වලදී සිරගත වෙන්න කවුරුත් කැමති නැහැ.

#4

ඒ වගේම තමන්ගේ මිලියන ගාණක් වටිනා කාර් විකුණලා ණය ගෙවන්න අවස්තාවක් ඩුබායි වලදී ලැබෙන්නේ නැහැ.ඒ නිසා තමන්ගේ ව්‍යාපාර බංකොලොත් වෙන බව තේරෙනකොට ගොඩක් දෙනා කරන්නේ හැකි ඉක්මනට තම තමන්ගේ රටවලට පලා යන එක.මෙහෙම පලා යනකොට ඔවුන් කරන්නේ යතුරත් එක්කම තමන්ගේ වාහනය කොහෙ හරි අතරමං කරලා යන එකයි.

අද වෙනකොට මේ කාර් ප්‍රශ්නය ඩුබායි රාජ්‍යට විශාල හිසරදයක් වෙලා.මොකද මේ කාර් වල අයිතිකරුවන් ගැන නිසි සොයාබැලීමක් නොකර මේවායේ තත්වය ගැන නිසි තත්ව වාර්තාවක් නැතුව විකුණන්නත් අමාරුයි. ඒකට ගත වන කාලය එක්ක මේ කාර් බොහොමයක් විනාශ වෙලා යනවා.නමුත් වෙන්දේසි වලදී මේ කාර් හිතාගන්නවත් බැරි අඩු මිලගණන් වලට විකිණෙනවා.

#5

ඩුබායි කාර් සොහොන් බිමේ අතහැර ගිය කාර් අතර එක සුවිශේෂි කාරයක් වන්නේ ෆෙරාරි එන්සෝ කාර් රථයයි.මෙම මාදිලියේ කාර් ලෝකයටම නිපදවා ඇත්තේ 400ක් පමණයි.අවසන් වරට නිපදවූ මේ වර්ගයේ කාර් රථයේ මිල ඩොලර් මිලියන 6.05ක් පමණ වෙනවා.මෙය බංකොලොත් වූ ඉංග්‍රීසි ජාතික ව්‍යාපාරිකයෙකු විසින් අත්හැර ගොස් තිබුණා. ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ෆෙරාරි කැලිෆෝනියා රථය මෙන්ම ඩොලර් ලක්ෂ 2-3ක් පමණ වටිනා රෝල්ස් රොයිස් රේෆ් රථය ප්‍රසිද්ධියට පත් වුණා.

#6

#7

#8

#9

#10

#11

#12

#13