අමෙරිකා ජනපති බයිඩ්න් සිංහලෙන්ම සුභ පතයි

සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබිණි.

ධුරයේ සිටින ජනාධිපතිවරයකු සිංහල බසින් ශ්‍රී ලංකාකියන්ට සුබ පැතුම් එක් කළ පළමු අවස්ථාව මෙය විය හැකි යැයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද සුබ පැතුම් එක් කර තිබිණි.

“මේ සතියේ දී අලුත් අවුරුද්ද සහ වයිසාකි, නවරාත්‍රී, සොංක්‍රන් උත්සව සමරන දකුණු ආසියාතිකයන්ට සහ අග්නිදිග ආසියාතිකයන්ට මම සහ ජිල් (ජනාධිපතිවරයාගේ බිරිඳ) උණුසුම් සුබ පැතුම් එක් කරනවා. බෙංගාල, කාම්බෝජ, ලාඕස, මියන්මාර, නේපාල, සිංහල, දෙමළ, තායි සහ විෂු සුබ අලුත් අවුරුද්දක්!.” යනුවෙන් එහි දැක්විණි.

News Editor

Next Post

සත්තු වගේ හැසිරිලා කොච්චර සිරිපාදේ ගියත් - වැඩක් නෑ.

Sun Apr 18 , 2021
මේ දවස්වල සිරීපාදෙ යනවනම් පැය ගනන් පෝලිම්වල ඉන්න බලාගෙන යන්නඑක පඩියක් නගින්න විනාඩි 20ක් විතර යනවා.ඉවසීමක් විනයක් නැත්නම් මේ දවස්වල යන්න එපා.මොකොද ගොඩක් අය බැමි දිගේ වැටවල් වලින් පැනල යනවා.ඒ වගේ වැඩවලින් තව අය පීඩාවට පත්වෙනව වගේම ලොකු අනතුරක් වෙන්නත් පුලුවන්.හැමතැනම ප්ලාස්ටික් බෝතල්,පොලිතින් බෑග් දාල විනාස කරල.සත්තු වගේ හැසිරිලා කොච්චර […]
web stats