එකම UNP මන්ත්‍රී අසුනට එජාප තනි අලියා පාර්ලිමේන්තුවට

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවති අතර, එහිදී ඔහුව එම මන්ත්‍රි ධුරයට පත් කිරීමට ඒකමතික අනුැමතිය හිමිවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන සඳහන් කළේ.

පසුගිය වසරේ අගෝස්තු පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් මට්ටමෙන් කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එම පක්ෂයට හිමි වුණේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

එලෙස එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබුණු එක්සත් ජාතික පක්ෂය මැතිවරණය අවසන්ව මාස දහයකට අසාන්න කාලයක් මේ වන විට ගතව ඇතත් එම පුරප්පාඩු මන්ත්‍රීධුරය සම්පූර්ණ කිරීමට කටයුතු කර නැහැ .

නමුත් පසුගිය කාලේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද විවිධ අවස්ථාවල කියා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන වෙත යා යුතු බවයි.

අප ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ දැනටමත් එම පක්ෂයේ මන්ත්‍රීධූර සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුනට එවීම සඳහා ඒකමතිකව තීරණය කර ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සැම දෙනාගේම තීරණය මත කිසිදු කෙනෙක් එම මන්ත්‍රී ධූරය භාර නොගන්නා අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ  එම තනතුරට සුදුසු බවයි.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

News Editor

Next Post

මම දවස් 4ක් යනකම් ICU හිටියෙ, කොවිඩ් නියුමෝනියාවට ඇවිත් භාතිය ජයකොඩි

Wed Jun 2 , 2021
පසුගියදා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පී භාතිය ජයකොඩි ඔහුගේ අත්දැකීම හරි TV සමග යෙදුණු කතා බහකදී ඉදිරිපත් කළා. ඔහු එහිදී පවසා සිටියේ, “මට දැනුම් දුන්නා මම සහභාගී වුන රැස්වීමක කෙනෙක්ට පොසිටිව් කියලා.  මට කිසිම රෝග ලක්ෂණයක් නැති වුනත් මම PCR එකක් කළා. ඒක නෙගටිව්, ඔහොම ඉද්දී අර කම්මැලිකම […]
web stats