ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන ශාපයෙන් දේශපාලනය පක්ෂ වලට කවදාවත් ගොඩ එන්න බෑ

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා.

ඒ ශාපයෙන් ඒ දේශපාලන පක්ෂවලට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නෙ නෑ කියන එක ඉතාමත්ම ආදරයෙන් මං මේ වෙලාවෙදි මතක් කරනවා’

News Editor

Next Post

විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කල් දමන්න

Tue Jul 13 , 2021
නිමල කොඩිතුවක්කු මුළුමනින්ම පාහේ පාසල්  සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී අදාල විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් මත එම දුවා දරුවන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අවස්ථාව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. අධ්‍යාපන විශේෂඥයින්ගේ […]
web stats