BREAKING NEWS
Search

ආනන්ද මෛත්‍රෙය හිමි දුටු විෂ්ණු දෙවියෝ

217

මතු බුදු වන බෝධිසත්වයන් වහන්සේ නමක් වන, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රථම සභාපති, විදුදය විශ්වවිද්‍යාලයේ උපකුලපති, කොළඹ ආනන්ද හා නාලන්දා පාසල් වල ආරම්භක ආචාර්ය මණ්ඩල සභික, සාහිත්‍ය ශුරි, සාහිත්‍ය චක්‍රවර්ති, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය, ආගම චක්‍රවර්ති, ප්‍රවචන විශාරද, මහාමහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු, අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන් හට මෛත්‍රී බෝධිසත්වයන්, කතරගම දෙවියන් හා විෂ්ණු දෙවියන් දර්ශනය වූ අයුරු – බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි ග්‍රන්ථය( ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි )ආනන්ද කොලිජියේ ඔන්න ඔය කාලේදී භාවනා කරනකොට එක රැයකදී මට එකපාටම මගේ අතීත ජිවිත ප්‍රකට වෙන්න පටන්ගත්තා. ඒවා දැනගන්නට මට ඕනෑකමක් තිබ්බේ නෑ. මට වර්තමානය අමතක වුනා.

අතීතයේ ජිවත් වුනා. ඒ අතීතයේ ජිවත් වුනේ මා හයිද්‍රාබාද් නුවර මිහිර් කුල් මිහිර්චන්ද්‍ර නම් බ්‍රාහ්මණයෙක් වෙලා. මේ ජීවිතය ගත කල හැටි මට එකවරටම වැටහුනා.ඉතින් මද වෙලාවකින් ඒ ඔක්කොම ඉවරවෙලා ආයෙත් ප්‍රකෘති තත්වයට ආවා. ස්වල්ප කාලයක් දේවත්වයේ හිටියා දේවාත්ම භාවයක් ලබාගෙන .ඕකත් මට ප්‍රත්‍යක්ෂව පෙනුනා. මේවා නිකන් මනඃකල්පිත ඒවා නෙවෙයි.තව දවසක් මා භාවනා කරමින් හිටියා කාමරේ දොර වහගෙන කළුවරේ. එක පාරටම එළියක් වැටුනා. මා හිටියේ ඇහැ පියාගෙන. මහා එළියක් වගේ කියලා හිතලා ඇහැ ඇරලා බැලුවා.හැම තැනම එලිය වැටිලා. මා බැලුවා බල්බ් එක දිහා.

එකෙන් නෙවයි එලිය එන්නේ. මේ ඉස්සරහ බිත්තියෙන්. බිත්තිය මැදින් එළියක් විහිදෙනවා. මොකක්ද මේ එලිය කියලා ටික වෙලාවක් බලා ඉදියා. ක්‍රමයෙන් හෙවනැල්ලක් වගේ රුපයක් මතු වුනා. මේක මතුවෙලා මතුවෙලා ඇවිදිල්ලා සාමාන්‍ය ජිවත්වන මිනිසෙකුගේ ස්වරුපයට ආවා. ඊට පසුපස තවත් පිරිසක්. ඒ සියලු දෙනාම ස්වාභාවිකයි. මේක හීනයක් නෙවෙයි. හොදට ඇහැ ඇරලා මා බලා හිටියා.ඉතින් බයවෙන්න හෝ විමතියට පත්වෙන්න දේකුත් නෑ. මට පුදුම වෙන්න තිබුනේ මේ මොකක්ද ඇතිවුනේ කියලා විතරයි.මේ මට පෙනුන ඇත්තා මහා උත්තමයෙක්. උන්වහන්සේ තාපස ස්වරූපයකින් මට පෙනුනේ.

හරිම ලස්සනයි. මට ටිකක් චිත්‍ර ඇදීම පුළුවන්. මේ රුපයේ තිබුන ශාන්ත ලස්සනකම නිසා මට මේක ඇදගන්න හිතුනා.මා ඒක ඇඳගන්න මුහුණේ ආකාරය හිතට ගන්නට වෑයම් කළා. එතකොට ඔක්කොම නොපෙනී ගියා. අඳුරු වුනා. චාඃ මා කරගත්ත මෝඩකම කියලා මා හිතුවා. භාවනාවම මා ආයෙත් කරගෙන ගියා. එතකොට අර ඇත්තා විතරක් ආයෙත් පෙනුනා. හොදට පැහැදිලිව පෙනුනා. මා ඉතින් ඒ රුපය හිතට ගනිමින් ඉන්න වෙලාවේ මේ රුපය නෙවෙයි ධර්මය දිහා බලන්න කියලා අවවාද කළා. අවවාද කරලා නොපෙනී ගියා.

මේ උත්තමයා ශ්‍රේෂ්ට දේවතා කෙනෙක්. මට ඒ උත්තමයාගේ ආරක්ෂාව හැමදාම තියෙනවා. ඉතින් මේවා පත්තර වල යනවාට මා කැමති නෑ. භෞතිකවාදී ඇසින් බලන අය පරිහාස කරනු ඇති. මට තරමක මොලේ දෝසයක් ඇත කියලා. ඒ නිසා මා ඒ උත්තමයාගේ නම කියන්න කැමති නෑ. මගේ හැම කටයුත්තකදීම ඒ නම සිහි කරන්න කියලා මට අවවාද කරලා තියෙනවා. ඒ නිසා වැදගත් හැම කටයුත්තක්ම මා පටන් ගත්තේ ඒ ඇත්තා සිහි කරලයි. මේ විදියට මට උදවු කරන තුන් දෙනෙකු ඉන්නවා.

තව ඉතා වැදගත් සිද්දියක් කියන්නම්. මා කතරගමදී කතරගම දෙවියන් මගේ ඇස් දෙකින්ම දැක්කා. මට සම්පුර්ණයෙන්ම විශ්වාසයි කතරගම දෙවියන් ඉන්නවා කියලා. එතුමගේද ආරක්ෂාව මට එහෙම පිටින්ම තියෙනවා. ඒ වගේම මා තව හොද සිද්දියක් කියන්නම්.අපේ පන්සලේ මා සාමණේර කාලය ගත කරද්දී හැමදාම විහාරේ වත පිළිවෙත කලේ මායි.

හැමදාම උදේ නැගිටලා විහාරෙට ගිහිල්ලා අතුපතුගාලා මල් වට්ටියක් කඩලා පාන් පත්තු කරලා බුදුන් වැඳ පුදලා එනවා.හැන්දෑවේ බුදුන් වැදලා වත පිරිත කියනවා. පිරිත් කියල අවසන් වෙලා විහාරය ඉදිරියෙන් තිබුණු විෂ්ණු දේවාලයටයි සමන් දේවාලයටයි ගිහින් දෙවියන්ට පින් දෙනවා. මගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න අපේ හාමුදුරුවන් මා කොළඹ එවන්න කීපවරක්ම උත්සහ කළා. පන්සලේ හිටිය මට වැඩිමහලු අනික් හාමුදුරුවන් මට බොහොම ඉර්ශ්‍යා කල කෙනෙක්. ඒ හාමුදුරුවන් එක එක දේවල් කියලා අපේ හාමුදුරුවන් බය ගන්නවනවා.

ඔය ලාබාල උන්නාන්සේ ඔහාට යැව්වම නරක් වෙයි කියලා ඒවා මේවා කියලා. ඉතින් හාමුදුරුවන් ඒවා අහලා පසුබට වෙනවා. ඔය කාලයේ ධර්මපාල තුමන් සමග මා ලියුම් ගනුදෙනු කරමින් සිටියා. එතකොට උන්නැහේ හිටියේ ඉන්දියාවේ. උන්නැහේ මට ලියලා එව්වා පොඩිනම මෙහාට එන්න ධර්ම දුත වැඩවලටත් එක්ක ඉංග්‍රීසි ඉගෙනගන්නත් වැඩ පිළිවෙලක් යොදන්නම් කියලා. ඉතින් හාමුදුරුවන් ඒකට කැමති උනා. නමුත් අර හාමුදුරුවන් ඒක වැළක්වුවා. මගේ හැම වැඩකටම ඒ හාමුදුරුවන් බාධා කරනවා.දවසක් මා බුදුන් වැඳලා ඉන්පසු අර විෂ්ණු දේවාලයට ගිහින් කිවුවා මගේ දියුණුවට අහවල් පුද්ගලයා බාධා කරනවා ඇයි තමුන්නාන්සේ බලන්නේ නැත්තේ කියලා. දවස් තුන හතරක්ම මා ගිහිල්ලා ඔය විදියට කිවුවා.

අන්තිම දවසේ හීනෙනුත් මා ඒ විෂ්ණු දේවාලයට ගියා ගිහිල්ලා මේ කන්නලව්ව කළා. ඒ පාර විෂ්ණු රූපේ නැගිට්ටා. ඒ මට හීනෙන් පෙනිච්ච හැටි. නැගිටලා ආවා අඩි දෙකතුනක්ම ඉස්සරහට . මා පස්සට පැන්නා. විෂ්ණු රූපය අත උස්සලා ඇගිල්ල දික් කරලා කිවුවා මේ මට කරච්චල් කරන්නෙපා. තව ටික දවසකින් තමුන්නාන්සේ කොළඹට අරිනවා කියලා. ඇත්තටම මට විරුද්ධකම් කරන අර හාමුදුරුවන් උන්වහන්සේගේ ගමට ගියා. ආපසු එන්න සුමාන දෙකක් පරක්කු උනා. මේ අතර පත්තරේ තිබුනා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ආනන්ද විදුහලට භාරගන්නවා කියලා.හාමුදුරුවන් මට කතා කළා.පුංචි උන්නාන්සේ යමු කොළඹ කියලා ගමන් වියදම් එවන්න කියලා තාත්තට දැනුම් දෙන්නත් කිවුවා.

මා තාත්තට දැනුම් දුන්නා .තාත්තා ගමන් වියදම් එව්වා. අප පිටත් වුනා. අට හාමුදුරුවන්ට බාධා කරන්න අවස්තාවක් ලැබුනේ නෑ. ඉතින් දෙවියන්ගේ උපකාරය තියෙනවා කියන එක දෙවියන් ඉන්නවා කියන එක මට සම්පුර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ වුනා.මගේ ජිවිතයේ කවදාවත් අමතක නොවන තවත් වැදගත් සිද්ධි කීපයක් තියෙනවා. මට මතක ඇති හැටියට 1926 දී පමණ මදුරාසියේ අදියාර්හි මුදුවෙරලේදී සවස මුලින්ම ක්‍රිෂ්ණ මුර්ති තුමා හමුවී කතාබස් කොට අදිනගැනීම. 1942 පමණ තිරුවනමලේ අසපුවේදී ධ්‍යානලාභී රමණ මහර්ශි හමුවීම. ඉන් දෙමසකට පසු හිමාලය ජනපදයේදී ශ්‍රේෂ්ඨ යෝගාචාර්ය වරයෙකු වන ස්වාමි නාරායනානන්ද හමුවීම, එයින් මසකට පසු ඍෂිකේශියට යෑම.ආදිය අමතක නොවන සිද්ධි.

කලකට පසුව එක් යෝග සාධනයකදී මට මේ ඝන ශරීරයෙන් වෙන්ව සියුම් සිරුරකින් ඈත ඇවිදීමේ හැකියාව ඇතිවුනා. මෙය ටිකක් සිත එකඟ කරගැනීමෙන් දැඩි අධිෂ්ඨානය ඇති කා විසිනුත් කල හැකි දෙයක් . අමතක නොවන මෙබදු වැදගත් සිද්ධි තියෙනවා”මෙවැනි උතුමන් පවා කතරගම දෙවියන් පිළිබඳව සදහන් කර තිබියදී මොනවා හෝ සුරඟන කතා ටිකක් ගොතා රාවණා විකුණා සල්ලි හම්බ කරන තුට්ටු දෙකේ මිඩියා කරුවන් කතරගම දෙවියන් යනු දෙවි කෙනෙක් නොව රාවණා යයි මිත්‍යා පතුරනවා.

මෙවැනි උතුමන්ට පවා පිහිට වන ශ්‍රී විෂ්ණු දෙවියන් වැනි දෙවිවරුන්ට ගරහනවා. කිසිදා ධ්‍යාන අභිඥා ආදී අධිගම ස්ඵර්ශ වත් කර නොමැති බේගල් කාරයන් සරණ යන අන්ධ වහලුන් මොවුන් පස්සේ හරක් බාන සේ ගමන් කරමින් ඒ ආකාරයටම දෙවියන්ට ගරහා දෙවියන් පිළිබඳව මිත්‍යා පතුරවා දෙවියන්ගේ පිහිට නැති කරගන්නවා..

newslanka




error

Enjoy this blog? Please spread the word :)