ආනයනික තෙල් ගෑටලු නිසා – පොල්තෙල් වෙනුවට ආදෙශකයක් ඇමති බන්දුලගෙන් !

පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට“, යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසයී.

News Editor

Next Post

විෂ රාසායනික - පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් හමුවේ

Tue Mar 30 , 2021
විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත. තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන […]