BREAKING NEWS
Search

ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණය

410

2020 පෙබරවාරි 24 දින ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණයයි. එසේම එය ලොව දෙවන විශාලතම ක්‍රීඩාංගණයද වේ. මෙයට වඩා ප්‍රේක්ශක ධාරිතාව ඉහල අගයක් ඇත්තේ කොරියාවෙ Rungrado 1st of May Stadium ක්‍රීඩාංගණයට පමණී.  ඉන්දියාවේ මිලියන 5.6 ක ජනගහනයක් වෙසෙන අහමදාබාද් මොටෙරා හි පිහිටා ඇති මෙය 1982 සිට පැවති පැරණි ක්‍රිඩාංගණයේම නැවත ගොඩ නැගීමකි.  මෙහි පලමු නිල ජාතියන්තර තරඟය 1982 නොවැම්බර්හිදී ඉන්දියාව සහ කොදෙව්වන් අතර පවත්වා ඇත.

එතැන් සිට 2015 තෙක් තරඟ පවත්වන අතර 2015 සිට මෙහි නැවත ඉදිකිරීම් ආරම්භ කරන්නේ එතෙක් පැවති 54000 ක ප්‍රේක්ෂක ධාරිතාව 110000 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමටය.  විවෘත වීමත් සමග මෙතෙක් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ප්‍රේක්ෂක ධාරිතාව 100000කින් යුතු මෙල්බන් ක්‍රීඩාංගණයෙ එම කිරුල අහිමි වේ.  ලක්ෂයකට වැඩි ප්‍රේකෂක ධාරිතාවෙන් ලොව ඇති ක්‍රීඩාංගණ 11 න් දෙකක අයිතිය මෙතැන් සිට ක්‍රිකට් ක්‍රීඩාව සතු වේ.

ෆුට්බෝල්  – 01 යි  ඇමරිකන් ෆුට්බෝල්  – 08  මීට අමතරව 2023 නිම කිරීමට නියමිත බංග්ලාදේශය විසින් Cox’s Bazar හි ඉදි කරමින් පවතින ලක්ෂයක ධාරිතාවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද පවතී
ඇමරිකානු ජනාධිපතිගෙ පැමිණීමත් සමගම මෙම ක්‍රිඩාංගණය ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා ගන්නේ නිරායාසයෙනි. එය ඔබ අප සහ ලොව පුරා බිලියන 2 ක ජනතාවක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තියට සුබ පණිවිඩයකි.