BREAKING NEWS
Search

ඉතියෝපියාවෙ අනාගතය වෙනස් කරන මහා ජලාශය ඒ වෙනුවෙන් වැඩකරන නායකයන් ජනතාවක් බිහිවිය යුතුයි

2546

Grand Ethiopian Renaissance Dam ඉතියෝපියාවේ අවසන්වීගෙන එන මහ විශාල වාරිමාර්ග ව්‍යාපෘතියක්.

නයිල් ගංගාවේ අතු ගංගාවක් වෙච්ච නිල් නයිල් නදිය හරහා ඉදිවෙන ජලාශයක් වෙච්චි මේක වැඩ අවසන් වෙද්දි ලෝකයේ 7 වෙනි විශාලම ජලාශය වෙනවා.කොච්චර ලොකුද කියනවානම් ලංකාවෙ නුවර එළිය දිස්ත්‍රික්කයට වඩා ලොකුයි.ජලාශය ව.කි.1874 පුරා පැතිරෙනවා.ඒ වගේම පෝශිත ප්‍රදේශය ව.කි.172,250.
ඒ කියන්නේ ලංකාවෙ භූමිය වගේ තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් පෝශණය කරනවා…

මේකෙන් ගිගා වොට් 6.45 විදුලියක් උත්පාදනය කිරීමට නියමිතයි.ලංකාවෙ සම්පූර්ණ විදුලි ධාරිතාව ගිගා වොට් 4යි.
ඉතියෝපියානු ගොවිබිම් විශාල ප්‍රමාණයක් අස්වැද්දීමටත් අතිවිශාල ජලහිඟයට පිළියම් වශයෙනුත් මේ ජලාශයේ ජලය යොදාගනු ඇති.එමෙන්ම ඉදිරි කාර්මික සංවර්ධනය උදෙසා මින් උත්පාදනය කෙරෙන විදුලිය යොදාගනු ඇති.

නොබෙල් සම්මාන ලාබී ඉතියෝපියානු අගමැති අබි අහමඩ් කලකදී ඉතා දිළිඳු රාජ්‍යක්ව පැවති ඉතියෝපියාව සෞභාග්‍යය කරා කෙමෙන් කෙමෙන් රැගෙන යමින් සිටී.

සෑම රටකටම සිහිනයක් තිබිය යුතුය.ඒ වෙනුවෙන් වැඩකරන නායකයන් ජනතාවක් බිහිවිය යුතුයි !

Mr. Lucky fb page