වත්මන් රජය යම් දිනෙක වාහන ආනයනය සඳහා අවසර දෙන විට ඉලෙක්ට්‍රික් වාහන සඳහා වැඩි සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (05) දින පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.
අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදුවිය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන බව මතක් කර දෙන්නට කැමතියි. අපේ රට තුළ යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැති අවකාශයකුත් තිබෙනවා.
විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ කරන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ කොවිඩ් වසංගතය නිසා එක් හොඳක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් කටයුතු කරනවා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කරන්න හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානය යොමුකරනවා