BREAKING NEWS
Search

කිසිවිටෙක ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු කරන්නේ නෑ –අලිමංකඩදී යුද හමුදා සෙබළුන් සම්බන්ධයෙන්

765

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව ඊයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය.එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු නොකරන බවය.

එල්.ටි.ටි.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා අම්පාර ප්‍රදේශයේදි යුද හමුදා සාමාජිකයින් නැති කිරීමේ සිද්ධියක් පීළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව රහස් පොලිසියට කැඳවා තිබුණි.මම වුණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යයෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරෙයි අපි මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න