කුසල් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු සුසන්යෝගය පන්දුයවන්නන්ට හිසරදයක් වේවි මයිකල් ක්ලාක් කිවුව කතාව

499

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හිතුවාට වඩා දස්කම් දැක්වීම කාගේත් පුදුමයට ලක්විය. කණ්ඩායම සිටි ආකාරයට දැක්වූ දස්කම් ඇගයිය යුතුමය. මැදපෙල දුර්වල පිතිකරණය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගවලට ඇතුලත් වීමටද හැකියාවක් තිබුනි. ලෝක කුසලානයේදී ලසිත් මාලින්ග හා ඇතැම් ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් කැපී පෙනුනි.

ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් යුගලයක් වන කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දු ගැන හිටපු සුපිරි ක්‍රීඩක මයිකල් ක්ලාක් මෙලෙස අදහස් දක්වා ඇත.

මේ තරුණ ක්‍රීඩකයින් දෙදෙනා හරිම ප්‍රවේගකාරී ක්‍රීඩකයින් දෙන්නෙක්. ඔවුන් ධනාත්මක ක්‍රීඩාවක යෙදෙන්නේ. ශ්‍රී ලංකාව සතුව ඉතා දක්ශ තරුණ ක්‍රීඩකයින් ඉන්නවා. කුසල් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු සුසන්‍යෝගය අනාගතයේදී පන්දුයවන්නන් හට හිසරදයක් වේවි.

Preview photo credit: Mike Hewitt-IDI/IDI via Getty Images