කුස්සියක ගල් අඟුරු ඇදිමෙන් ජිවිතය අරඹා, එකී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළු වීම

231

ප්‍රමුඛ පෙළේ හෝටලයක කුස්සියක ගල් අඟුරු ඇදිමෙන් ජිවිතය අරඹා, එකී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළු වීමට හා විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්‍ය උපාදි ලබන්නට,පාසලේ හතර වසර තෙක් පමණක් ඉගෙන ගත් මිනිසකුට හැකිද???

ගල්කිස්ස හෝටලේ ප්‍රධාන සූපවේදී “පබ්ලිස් සිල්වා” (පබලියස් සිංඣෝ) එවැන්නකි. තම මව සමඟ පොළෙන් විසිකරන එළවළු සුද්ද කොට කූඩයක් හිස මත තබා විකිණු ඒ කොලු ගැටයා අවුරුදු විස්සේදි විවාහ වී ගල්කිස්ස හෝටලයට පැමිණෙන්නේ ගල් අඟුරු කරත්තය තල්ලු කිරීමටයි .”මං මුලින් ගල් අඟුරු ඇද්දා,මාසෙටම රුපියල් 40,එතනින් මම පොල් ගාන්න ගියා.මම දෙගුණයක් මහන්සි උන නිසා හැමෝම මට ආදරේ කරා.” සුපවේදයට ඇති ඇල්ම සහ ඉගෙනීමට ඇති ආශාවෙන් ඔහු දිනෙන් දින ඉදිරියට පැමිණියා.

අවුරුදු පහළවේදි කුසගින්න වෙනුවෙන් මං….කො…ල්ල කෑමේ සිට එකී මෙකී නොකී සියල්ල කල ඔහු,විවාහයෙන් පසුව වඩ වඩා වෙහෙස වෙමින් වැඩකරන්නට විය.අවුරුදු 64 ක් ගල්කිස්ස හෝටලේ සේවය කරන ඔහු මෙරට සූපවේදය එතෙරෙ රටවල් හි ප්‍රචලිත කිරීමට මහත් වු පරිශ්‍රමයක් දැරූ පුද්ගලයෙකි.සූපවේදය වෙනුවෙන් ග්‍රන්ථ රැසක් රචනා කොට ඇති සිල්වා මහතා ඉතා නිහතමානී මෙන්ම සුහදශීලී මිනිසෙකි.

“ඉගෙන ගන්න ඕනැයි කියලා අම්මලා ඒ කාලේ උනන්දු කරෙත් නෑ.මම ගල්කිස්ස සූපවේදී උනම ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න නයිට් ක්ලාස් ගියා,ටික දවසකින් ඒ සර් කීවා ඔයාට කිසිදෙයක් මතක නෑ.ආපහු එන්න එපා කියලා,ඒත් මම ස්වෝත්සහයෙන් ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගත්තා.හිතුවොත් කරන්න බැරි යමක් නෑ”

විධිමත් අධ්‍යාපනයක් නොලැබුවද උත්සාහය කැපවීම සහ තමා කරන දෙයට ඇති ඇල්ම නිසාවෙන්ම ,පබ්ලිස් සිල්වා මහතා මෙරට ප්‍රකට සමාජ ක්‍රියාකාරීකයකු වී අවසන්ය.