BREAKING NEWS
Search

කොරෝනා ආවේ චීනයෙන් නෙවෙයි,ඉතාලියෙන්.. – ලෝකයම කළඹමින්, කොරෝනා ව්‍යාප්ත වූ හැටි ගැන, අලුත්ම විමර්ශන වාර්තාවක් එළියට

68

චීනයේ වූවාහන්හි වැසියන්ට නව කොරෝනා වෛරසය ආසාදනයවීමට පෙර එය ඉතාලියේ අය හට ආසාදනයවී ඇති බව නවතම වාර්තාවකින් අනවාරණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉතාලියේ පිළිකා රෝග ආයතනයේ සිදු කළ පරීක්ෂණයකින් මෙය අනාවරණවී ඇති බවයි.

එම ආයතනය විසින් පසුගිය දිනවල එරට පිළිකා රෝගීන් පිළිබඳව විමර්ශන සිදු කර ඇති බව ද සඳහන්.

2019 ඔක්තෝබර් මස එම වෛරසය ඉතාලියේදී ව්‍යාප්ත වන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

Military World Games තරගාවලියෙන් අනතුරුව මෙය චීනය තුළ ව්‍යාප්ත වන්න ඇති බවට ද පර්යේෂකයින් සැක පළ කරනවා.

අදාළ තරගවලිය වූවාහන් හිදී පැවැත්වීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඉතාලියේ පිළිකා ආයතනය සිදු කළ පරීක්ෂණ වාර්තාව පිළිගත නොහැකි බව වෛරසය සම්බන්ධයෙන් අධ්‍යනය කරනු ලබන බොහෝ විද්‍යාඥයින් ප්‍රකාශ පවසනවා.

තවත් පිරිසක් මෙය චීනයෙන් ආරම්භ වූ බවට පැහැදිලි සාක්ෂි තිබෙන එහෙයින් මෙය බැහැර කළ නොහැකි බවයි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය චීනයෙන් ආරම්භවී ඇති බවට පිළිගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.