ගත වූ දින 11කදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක්

2021.04.19
ගත වූ දින 11කදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක්මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා

උත්සව සමයේ ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම, සිදුවූ රථ වාහන අනතුරු පිළිඳව සවිස්තර වාර්තාව අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ එම්. ලොඩ්වික් මහතා විසින් මහාමාර්ග අමාත්‍යවරයා වෙත භාර දීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ කාලසීමාව තුළ වාහන 1,236,288 කට අධික ප්‍රමාණයක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර තිබේ. මෙම කාලසීමාව තුළ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වැනිදා ය. එම සංඛ්‍යාව 141,187 කි. එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධිකය.

News Editor

Next Post

ඩෙංගු වයිරසයට විරුද්ධව සටන් කළ හැකි පළමු මදුරුවා හදයි - ලංකාවේ සිසුවෙක්

Mon Apr 19 , 2021
ලෝකෙම අවධානය යොමු වූ ජාන විකෘත්ති කරනය ඩෙංගු වයිරසයට විරුද්ධව සටන් කළ හැකි පළමු මදුරුවා බිහි කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත. මෙය ලංකාවේදී සත්ත්වයකුට කළ ප්‍රථම ජාන වෙනස් කිරීමේ පර්‌යේෂණය ලෙස ඉතිහාස ගත වේ.කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිදරයකු වන කළිඳු රම්‍යසෝම සිය ආචාර්ය උපාධියේ පර්‌යේෂණ ව්‍යාපෘතිය ලෙස […]
web stats