ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ ගස් නැති මැදපෙරදිගත් ඔක්සිජන් තියෙන්නේ

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම කර්මාන්තශාලා ඇති මැදපෙරදිග සහරා ප‍්‍රදේශයේ බවත් මැදපෙරදිග ඉතා කලාතුරකින් පාරවල්වල රට ඉදි ගස් ඇති නමුත් ඒ රටේ ජනතාවට හොඳට ඔක්සිජන් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මැදපෙරදිග මිනිස්සුන්ට ගස් නැතැයි කියා ඔක්සිජන් නැති බවට ප්‍රශ්නයක් මෙතෙක් මතු වී නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීමක් සිදු වී නැති බවත් ගස් කපලා ඔක්සිජන් අඩු කරන්නට නොහැකි බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.

lankacnews

News Editor

Next Post

බස් මගීන්ට අසුභයි -බස් රථය ඇළකට පෙරළෙයි 18ක් රෝහලට

Tue Apr 6 , 2021
දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළී අද (06) දහවල් එම අනතුර සිදුව ඇතැයි වාර්තාකරු පැවසීය. ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට […]
web stats