ඡන්දෙන් පස්සෙත් හුස්ම ගන්නනම් – ඡන්දෙ නිසා ගොඩක් අයට අමතක ඇති

678

හෙට ඡන්දෙ නිසා ගොඩක් අයට අමතක ඇති. දැනටත් ලෝකෙ රටවල් 70කට වැඩි ගණනක දවස ගාණෙ කොරෝනා නිසා මිනිසුන් මිය යනව. දැනටම මිලියන 18කට (ලංකාවෙ ජනගහණයට ආසන්න ගනනක්) වඩා ලෙඩේ හැදිල. ලක්ෂ 7ක් මැරිල. රටවල් ගානක නගර ලොක් ඩවුන් කරල, තව රටවල ඇඳිරිනීතිය.

රටේ ජනගහණයට සාපේක්ෂව කොරෝනා ආසාධිතයින් ගණන (-), සුව වූ ගණන (+), කොරෝනා මරණ ගණන (-) සහ සම්පූර්ණ PCR පරීක්ෂණ (+) ආදී පරාමිතීන් ටික අනු/ප්‍රතිලෝමව සංසන්දනය කලාම බලාගන්න පුළුවන් එක් එක් රටවල කොරෝනා මැඬලීමේ ප්‍රගතිය. මොකක් හරි හේතුවකට ලංකාව ඒකෙන් හොඳ රටවල් 20 අතරෙ ඉන්නව (ජනගහණය මිලියනයට වැඩි රටවලින්). අසල්වැසි ඉන්දියාව ඒකෙ නරකම රටවල් 20 අතරෙ ඉන්නව. ඒ කියන්නෙ අපි ඉන්නෙ ලොකු අවධානමකට හැතැක්ම 20ක දුරින්.

ඡන්දෙන් පස්සෙ 225කට බොහෝවිට අමතක වෙයි මිනිසුන්ගෙ පරිස්සම. ඒ නිසා ඡන්දෙන් පස්සෙත් හුස්ම ගන්නනම්, තව එකක් හරි කොරෝනා මරණ මේ රටේ නොදකින්න නම්, හෙට ඒ කියන්නෙ, ඡන්දෙ දාද්දි හොඳටම පරිස්සම් වෙන්න වෙයි.

නිකමට හරි උණ -කැස්ස – හෙම්බ වගේනම් ඡන්දෙ දාල තක්කඩියෙක්ට පාර්ලිමේන්තුවට දොර ඇරල, රටේ මිනිස්සුන්ට කනත්තට දොර අරිනවට වඩ හොඳයි ඡන්දෙ නොදා ඉන්න එක. මාස්ක් නැතිව, පෑන් නැතිව, නාහෙ කඩ කඩ, කැහැ කැහැ ඡන්ද පොලට ගිහින් ඡන්දෙ දාල එන ගමන් තක්කඩින්ගෙ බත් බැලයොත් එක්ක රංචු ගැහිල, පාටි දාල, නාන්නෙ නැතිව ගෙට ගොඩ වුනා කියන්නෙ…
හෙට අපායෙ ඉන්ටවල් එකේ අන්තිම දවස වෙයි ද දනෙන නෑ කියල හිතා ගන්න.

– රුවන් විජේමාන්න