චාමර වීරසිංහගෙ ජීවිත කතාව

චාමර වීරසිංහ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායකයා විදිහට සම්මාන දිනාගත්ත සුන්දර හඬක් වගේම සුන්දර හදවතක් තියෙන කලාකරුවෙක් විදිහට ජනකාන්ත “චාමර වීරසිංහ” හෙවත් ලෙනම මහවත්තගේ චාමර වීරසිංහ, සික්ෂිතා මානෙල් මහත්මිය හා සැම්සන් වීරසිංහ මහතාගේ පවුලේ පස්වෙනි දරුවා විදිහට ඉපදිලා මාතර වල්ගම සුනන්ද මාවතේ හැදුනෙ වැඩුනෙ වැඩිමහල් සහෝදරයෙක්, වැඩිමහල් සහෝදරියන් තිදෙනෙක් හා බාල සොහොයුරෙක් එක්ක. චාමරගේ වැඩිමහල් සොහොයුරා ජගත් වීරසිංහයි. ලොකු අක්කා ශිරාණි වීරසිංහ පොඩි අක්කා අනුෂා වීරසිංහ, බාලම අක්කා දසුනි වීරසිංහ, මල්ලී ඉසුරු මහේෂ් වීරසිංහ වේ.

සැම්සන් මහත්මයා මේ දරුවන් හදාවඩා ගත්තේ ඇදුම් මසා දුක් මහන්සියෙන් උපයාගත් මුදලින්. චාමර පාසල් අධ්‍යාපනය ලැබුවේ පඹුරන සාරිපුත්ත මහා විද්‍යාලයෙන්. චාමර පාසල් යන කාලයේ ඉඳලා චිත්‍ර අඳින්න ගොඩාක් දක්ෂයි. චාමර ඉස්කෝලේ යන කාලයේ චිත්‍ර විෂයට සහතික සම්මාන රාශියක් හිමිකරගෙන තිබුණා. අද ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වුණාට චාමර පාසලේදී ගායනය විෂයක් වශයෙන් කවදාවත් හදාරලා නෑ. චාමර, ඔහුගේ පියාණන් එක්ක එකතුවෙලා තොරණ චිත්‍ර ඇන්දා ඒ කාලේ. එහෙම චිත්‍ර ඇඳලා ඇඳලා දවසක චාමර තනිවම පුංචි තොරණක් නිර්මාණය කළා, තොරණෙ සියලුම දේ සිදුකලේ චාමරමයි.

ඒ තොරණේ මෝටරයක් රත්වීම වළක්වන්න බ්ලෝවරයක් යොදා තිබ්බා, ඒකෙ කකුල පැටලිලා වැටිලා චාමරගේ සහෝදරයෙක්ට විදුලි සැර වැදුනා. ඒ වෙලාවෙදි චාමර තමයි ඔහුව බේරාගෙන තිබෙන්නේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව චාමර මාතර පොල්ගෙන ප්‍රදේශයේ වෙනුර අයියලාගේ ගෙදර ලයිලෑක් නමින් පුංචියට සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. එහි සාමාජිකයන් උනේ ගයාන්, වෙනුර, පෙරේරා, සම්පත්, තරංග හා චාමරයි. ඊටපස්සෙ චාමර THE BRAVE නම් වූ සංගීත කණ්ඩායමක ආධුනික ගායන ශිල්පියෙක් වශයෙන් කටයුතු කළා. මෙහෙම හිටපු චාමර තමන්ගේ ජිවිතයේ හැරවුම් ලක්ශෂයට ළඟාවෙන්නේ 1995 වර්ෂයේදී පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම එක්ක එකතු වුණාට පස්සේ.

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමත් එක්ක චාමර මුලින්ම ගායනා කලේ වේරලියද්ද මහත්මයගේ මගේ ජිවිතේ පුරා ගීතයයි. එහෙම 2002 වෙනකල් අනුන්ගෙ ගීත ගායනා කල චාමර වීරසිංහ තමන්ගේම සිංදු ටිකක් එක්ක කැසට් පටියක් එළි දක්වන්නේ 2002 වර්ෂයේදී. “සිතින් විතරක්” කැසට්පටයෙන් පසුව තමන්ගේම ගමනක් යන චාමරට ලැබෙන අසීමිත ප්‍රතිචාර නිසා ලංකාව වටේම ඉන්න රසිකයන් අතර මහත් සේ ජනප්‍රියත්වයට පත්වුනා. ලංකාවේ ජනප්‍රියම ගායකයාට හිමි සම්මානය එක පිට එක චාමර දිනාගත්තා. ඉතාම සතුටු සාමීචියෙන් සිටින අතර චාමරගේ ආදරණිය පියාණන් හරියටම සිංහල අවුරුද්දක් දවසක හදිසි අනතුරකින් මෙලොවින් සමුගත්තා.

News Editor

Next Post

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට අනුකමිටුව විසින් තීරණය කර තිබේ.

Fri Jun 11 , 2021
ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබේ. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම සංශෝධනය සිදුකරන දිනය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බවය. රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් […]
web stats