BREAKING NEWS
Search

පරිගණක කොපි-පේස්ට් නිර්මාතෘ ලැරී ටෙස්ලර් මියයයි

178

පරිගණක සඳහා කට්,“කොපි“ සහ “පේස්ට්“ විධානයන් නිර්මාණය කළ අමෙරිකානු ජාතික පරිගනක විද්‍යාඥ ලැරී ටෙස්ලර් මියගොස් තිබේ.

ලැරී ටෙස්ලර් උපත ලබා තිබෙන්නේ 1945 වර්ෂයේදී අමෙරිකාවේ නිව්යෝක් නුවර බොන්ක්ස්හිදීයි.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ ඔහු 1960දී සිලිකන් නිම්නය හා සම්බන්ධ වෙයි.

ඒ වන විට පරිගනකය පුද්ගලයන්ගෙන් බොහෝ දුරස්ථ උපකරණයක්ව පැවතියා.

පරිගනක සඳහා කට්,කොපි, පේස්ට් යන විධානයන් නිර්මාණය කිරීමට ලැරී ටෙස්ලර් සමත් වන්නේ මේ වකවානුවේදීයි.

සර්ච් සහ රිප්ලේස් ඇතුළු තවත් පරිගනක විධාන කිහිපයක්ම ඔහු විසින් නිර්මාණය කර තිබේ.

ටෙස්ලර්ගේ මෙම සොයාගැනීම් පෞද්ගලික පරිගනක භාවිතය හා ඒ පිළිබඳව ඉගෙනීම වඩාත් පහසුකිරීමට හේතුවිය.

ලෝක ප්‍රකට ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ස්, ඔහුව සිය සමාගම වෙත බඳවා ගැනීමට පෙර ටෙස්ලර් ප්‍රධාන පෙලේ තාක්ෂණික සමාගම් රැසකම සේවය කර තිබුණි.

ලැරී ටෙස්ලර් ඇපල් සමාගමේ ප්‍රධාන විද්‍යාඥයා ලෙස වසර 17ක් කටයුතු කර තිබූ බව සඳහන්.

කැලිෆෝනියා ප්‍රාන්තයේ පෝටෝලා නිම්නයේදී ඔහු මිය යන්නේ පසුගිය 16වන දායි.

ඒ වන විට ලැරී ටෙස්ලර් 74වන වියේ පසුවිය.




error

Enjoy this blog? Please spread the word :)