‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙදෙනා අතර ‘තමුසේ-බූරුවා’ යන වචනද හුවමාරු වූ අතර ගුටි ඇන ගැනීමට ඔවුන් අභියෝග කර ගත්තේය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.

News Editor

Next Post

කොටි පොලිස් නිල ඇදුම් සිද්දියට යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

Fri Apr 9 , 2021
යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය […]
web stats