විෂ රාසායනික – පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් හමුවේ

විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.

රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වැනිදා එම පොල් තෙල් තොගය රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.

එම තෙල් බවුසර් දෙක දංකොටුව නගරයට ආසන්නයේ ඇති තෙල් මෝලක භූමියේ රඳවා තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බවුසර්වල ඇති තෙල් සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව දංකොටුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

News Editor

Next Post

සතොස හරහා සහන මල්ලක් ලබාදෙනවා – ඇමති බන්දුල

Thu Apr 1 , 2021
පෙබරවාරී මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගනු ලැබු අතර එම සහනය එසේම පවතිද්දි අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් හෙට සිට රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශ පියවර ගෙන ඇත. ඒ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, […]