BREAKING NEWS
Search

තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා කොවිඩ්-19 ආසාදනයෙන් ජීවිතක්ෂයට

283

ඉන්දියාවේ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් වන තරුමලෙයි තරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වූ ශ්‍රිනිවාස මූර්ති ඩික්ෂිතුලු කොවිඩ්-19 රෝගී තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත්ව ඇතිබව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා (18) රාත්‍රියේ දැඩි ශ්වසන ආබාධයක් ඇති වූ ඔහු රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඇතැවෙන COVID-19 රෝගය ඇති බව තහවුරු කරගෙන තිබේ.

ඔහු තිරුපති කෝවිලේ වසර 55ක පමණ කාලයක් සේවය කර ඇති බවද සඳහන් වන අතර මිය යන විට 75 වන වියේ පසු විය.