BREAKING NEWS
Search

දැරිය හැකි මිලට දේශීය සිසුන්ට MBBS උපාධියක් දෙන්න,ආසිරි රෝහල වෛද්‍ය අධ්‍යාපනයට පිවිසෙයි

233

පෞද්ගලික රෝහල් ජාලයක් වන සොෆ්ට්ලොජික් සමූහයේ “ආසිරි හෙල්ත්”, එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට නියමිතව ඇත.

සොෆ්ට්ලොජික් සමූහයේ අධිපති අශෝක් පතිරගේ එම සමාගමේ වාර්ෂික සමාලෝචනදී මේ බව දැනුම් දී තිබේ.

මේ වන විට ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර, දේශීය සිසුන්ට දැරිය හැකි වියදමකින් විදේශීය MBBS උපාධියක් ලබා ගැනීමට හැකිවන අයුරින් මෙම උපාධි පාඨමාලාව සකසන බව ඒ මහතා පවසා ඇත.

ඒ අනුව මෙම උපාධි පාඨමාලාව මඟින් වෛද්‍ය සිසුන්ට ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ පළමු පූර්ව සායනික වසර තුන සම්පූර්ණ කිරීමටත්, පසුව ආසිරි හෙල්ත් හි සායනික වසර දෙකක් සම්පූර්ණ කිරීමටත් අවස්ථාව ලැබේ.

සොෆ්ට්ලොජික් සමාගමට අනුව මෙමඟින් ජාත්‍යන්තර වෛද්‍ය අධ්‍යාපනය ශ්‍රී ලාංකික සිසුන්ට දැරිය හැකි මිලකට ලබා දෙන අතර ආසිරි හෙල්ත් හි ප්‍රායෝගික සායනික ප්‍රමිතීන් ද මේ සමඟ ඉහළ නැංවීමට නියමිතය.

එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව (General Medical Council of the UK) විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිතව ඇත.

ආසිරි හෙල්ත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන අතර ‘ආසිරි හෙල්ත්’ සන්නාමය යටතේ පෞද්ගලික රෝහල් 4 ක් පවත්වාගෙන යනු ලබයි.

SOURCE -Newshub




error

Enjoy this blog? Please spread the word :)