දුරකථන සංඥා දුර්වල නිසා අඩි 40ක් උස අට්ටාලයක් මත අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක්

රටතුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ පාසල් වසා දැමීමත් සමඟ සිසුන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ.

නමුත්, අන්තර්ජාල පහසුකම් හරිහැටි සපුරා ගත නොහැකි ඇතැම් සිසුන් මේ වන විට පත්ව ඇත්තේ විශාල පීඩාවකටය.

කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි වෑවල කලටුවාව ගම්මානයේ ජීවත්වන දරුවන් පිරිසක් “අද දෙරණ“ට හමුවුයේ එවන් පසුබිමකය.

ඔවුන් අඩි 40ක් පමණ උසැති ගසක් මතට නැග ඔන්ලයින් ක්‍රමයට අධ්‍යයන කටයුතු සිදුකිරීමට පුරුදුව සිටී.

එම දරුවන් අතර මෙවර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාගයට මුහුණදෙන සිසුන් ද වේ.

අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමේදී ඔවුන් මුහුණ දී ඇත්තේ විශාල අර්බුදයකටය.

මෙලෙස ගස් මත නැග අධ්‍යාපනය හදාරන සිය දරුවන් කෙරෙහි මව්පියන් පසුවන්නේ විශාල බියකිනි.

අද දෙරණ අනාවරණයෙන් ඉටුවු සිසුන්ගේ බලාපොරොත්තුව

දුරකථන සංඥා ලැබීමේ දුර්වලතාවයක් හේතුවෙන් ගසක් මත වු අට්ටාලයක් මත අධ්‍යාපන කටයුතු සිදුකරන සිසුන් පිරිසක් පිළිබඳව අප ඊයේ (20) වාර්තා කළේය.

එම පුවත වාර්තාවීමත් සමඟ ක්‍රියාත්මක වූ මොබිටෙල් ආයතනය සිසුන්ට ආරක්ෂිතව නිවසේ සිට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර තිබේ.

කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි වෑවල කලටුවාව ගම්මානයේ ජීවත්වන දරුවන් අන්තර්ජාල පහසුකම් නොමැතිව අර්බුදතා රැසකට මුහුණ දී සිටියේය.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ඔවුන් අඩි 40ක් පමණ උස ගසක් මත අට්ටාලයක් තනා ගෙන තිබුණේ ජීවිත අවදානම පවා නොතකමිනි.

ඒ පිළිබඳ දරුවන්ගේ දෙමාපියන් ද මහත් කනස්සල්ලට පත්ව තිබුණි.

“අද දෙරණ“ ප්‍රවෘත්තිය සැලවීමත් සමඟ දරුවන්ට අද වන විට ආරක්ෂිතව නිවසේ සිට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට අවස්ථාව උදාවී ඔවුන් ලද භාග්‍යයකි.

News Editor

Next Post

එකම UNP මන්ත්‍රී අසුනට එජාප තනි අලියා පාර්ලිමේන්තුවට

Tue Jun 1 , 2021
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවති අතර, එහිදී ඔහුව එම මන්ත්‍රි ධුරයට පත් කිරීමට ඒකමතික අනුැමතිය හිමිවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු […]
web stats