ප්‍රශ්නය දුර දිග යයි – චමුදිත හෙට කොළඹ අපරාධ කොටිඨාසයට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙ⁣ට(9) සවස 3 ට කොළඹ අපරාධ කොටිඨාසයට කැඳවා තිබේ.ඒ මහතාට ඇති ජීවිත තර්ජන පිළිබඳව ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට ලිපියක් මගින් දන්වා ඇත.


ඒ අනුව පොලිස්පතිවරයාගේ ලිපියකට අනුව ⁣ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බවයි වාර්තාවෙන්නේ.

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේන සඳහන් කළේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

”අප මේ සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නවා” යැයි නීතිඥවරයා සඳහන් කර සිටියා.

මේ අතර මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් යුටියුබ් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන් ද චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ විසින් තවත් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

News Editor

Next Post

අබලන් වී පැත්තක දමා තිබූ ගිලන්රියට යළි පණ දුන් මල්වතුහිරිපිටියේ තරුණයින්..! (Photo)

Wed Jun 9 , 2021
මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ සංකල්පයක් මත COVid තත්වයෙන් නිවෙස් වල පිඩා විදින රෝගි ජනතාව රෝහල් කරා රැගෙන යාමට අබලන්ව ඉවත දමා තිබූ ගිලන් රථයක් අළුත් වැඩියා කොට මල්වතුහිරිපිටිය පොලිසිය වෙත පරිත්‍යාග කිරිම සිදු කර තිබෙනවා. මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ තරුණ පිරිසක් එක් වී අබලන් තත්වයේ පැවැති ගිලන් රථයක් අලුත් වැඩියා කර තිබේ. එම […]
web stats