නිදාගන්න තිබුණු එකම ඇඳත් විකුණලා..කන්නේ එක වේලයි. .තම පවුල ජීවත් කරවන්න,පාසල් ගමන අතහැර කුලී වැඩ කරන දියණිය.

ජීවිතේ සමහර තැන්වලදි අපි හුඟක් අසරණ වෙනවා..අම්මට හරි තාත්තට හරි අසනීපයක් කරදරයක් වුණාත් ඒ පවුලම කඩාගෙන වැටෙනවා.අපි මේ කියන්න යන්නෙත් දඹුල්ල පැත්තෙන් අහන්න ලැබුණු ඒ වගේ සංවේදී කතාවක් ගැනයි.

අසනීප තත්වයකින් පෙළෙන අම්මත්, තාත්තත් තමන්ගේ නැගණියත් ජීවත් කරවන්න තමන්ගේ පාසල් ගමනත් නතර කරලා කුලී වැඩ කරන මේ
දැරිය ජීවත් වෙන්නේ දඹුල්ල වෑවලවැල හුබද්ගමුව පැත්තේ.

මේ පවුලේ අය ආහාර සහ අදින්න ඇදුමක්වත් නැතිව අසරණ වෙලා ඉන්නවා කියලා මව දඹුල්ල පොලිසිය ළඟ පසුගියදා හඬාවැටී තිබෙනවා.මේ දියණියගේ පියා වන ගාමිණී වසන්ත කුමාර (46) කාලයක සිට ස්නායු ආබාධයකට ලක්ව වැඩක් පළක් ලක් කර ගැනීමට නොහැකිව සිංහල හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු කිවේ.

ඒ වගේම ඇයගේ මවද රෝගාතුරව ඖෂධ මගින් ජීවත් වෙන්නේ වසර ගණනාවක සිට බවයි දියණිය පවසන්නේ.මෙම පවුලේ සියලු දෙනාගේ ආර්ථිකය කඩා වැටීමත් සමග වේලක් හැර වේලක් හෝ ආහාර සොයා ගැනීමට සිදුව තිබෙන්නේ හඳුනා නොගත් රෝගයකින් අදටත් ප්‍රතිකාර ලබන දාහත් හැවිරිදි සෙව්වන්දි මදුෂිකා දියණියටයි. මේ දියණිය කුලී වැඩක් කරමින් උපයාගන්නා මුදලින් ජීවත් වෙන මේ පවුලේ අයගේ නිවසේ ඇති ශීතකරණය ගෑස් සිලින්ඩරය මෙන්ම නිදා
ගැනීමට තිබූ ඇඳ පවා උකස් කරලා කියලා ඇය පවසනවා.ඇයගේ මවටත් පියාටත් බෙහෙත් කරන්න කෙනෙකුට පිහිටක් වෙන්න මේ දැරිය විඳින දුකට
පිහිටක් වෙන්න ඔබටත් පුළුවන්නම් ඒක ලොකු පිනක් වේවි.

(උපුටාගැනීම හිරු ගොසිප් )

News Editor

Next Post

පියා රෝහලේ…දුවට ඇප -වීඩියොව සමාජ මාධ්ය තුල වේගවත් සංසරණයක් !

Tue Apr 20 , 2021
වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමා.නු ෂිකව සලකන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.මෙම සිදුවීම නාරාහේන්පිට -දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි. මේ වනවිට එම පියා රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත්දියණිය සහ මිනිපිරියට ඇප […]
web stats