පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට මේ දේවල් වැදගත් වේවි..

131

මුල්ම දරු උපත සම්බන්ධයෙන් බලපොරොත්තු තියාගන ඉන්න කෙනෙක් නම් ඔයා මේ දේවල් ඔයාට වගේම ඔයාගේ මහත්තයටත් වැදගත් වෙයි.මොකද මේ කාලයත් එක්ක දරුවෙක් හදන එක ලේසි පහසු දෙයක් නෙවෙයිනේ.කසාද බැන්ද පලියට හදන්නම් වලේ දරුවෙක් හදලා වැඩක් නැනේ.

දරුවෙක් කුසට එන්නත් කලියෙන් මුලින්ම හිතන්න ඕනි දේ තමයි ඔයාලා ආර්ථික වශයෙන් ස්ථාවරද කියන එක.ළමයි හැදුවා වගේ නෙවේ දරුවන්ට සෑහෙන අවශ්‍යතා තියනවා.ඒවා සපුරාගන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙන්නම ඕනි.ඒ නිසා දරුවෙක් හදන්න කලින් ඔයාලා ආර්ථිකය අතින් හොඳ මට්ටමකට ඇවිත් ඉන්නවනම් තමයි හොඳ.

පොඩ්ඩාව කුසේ දරාගෙන ඉන්න කාලයේදී වගේම මව්කිරි බොන කාල වකවානුවෙත් මැල්ලුම්,මාළු වගේ පෝෂණීය දේවල් ආහාරයට ගන්න අවශ්‍යයි.දරුවට පෝෂණය ලැබෙන්නේ ඒ්වගෙන් තමයි.ක්ෂණික ආහාර අරන් දරුවව විනාශ කරගන්න ඒපා.

ගර්භනී කාලයේ දී කරන ව්‍යායාමවලින් මානසික ආතතිය නැති කරනවා වගේම ප්‍රසූතියේදී ඕනි කරන ශක්තිය ලබා දෙනවා. ගර්භනී කාලයේදී කරන්න සුදුසු ව්‍යායාම විදියට පිහිනීම,ඇවිදීම වගේම ඇරොබික්ස් හඳුන්වන්න පුළුවන්.ගෘහනියක් වශයෙන් ගෙදර දොරේ වැඩ කටයුතු කරානම් වෙන මොකුත් ඔන වෙන්නේ නැහැ.

ඒ වගේම දොස්තරලා හම්බවෙන්න යන්න ඕනි දවස්,ඒ අය දුන්න උපදෙස්,කන්න ඕනි හොඳ දේවල් වගේ හැමදේම ලියලා තියාගන්න.ගර්භනී අවධියේදි මුහුණ දුන්න සිදුවීම ලියලා තියාගන්න.උදාහරණයක් වශයෙන් දරුවා බඩට ආපු දවස මුලින්ම පයින් පාර දුන්න දවස වගේ දේවල්.මේ දේවල් පසු කාලීනව හොඳ මතකයක් වෙයි ඔයාට.

සමහරු කැමතියි තමන් ගැබ් අරන් කියලා පෙන්වන විදියේ ඇඳුම්වලට.තවත් අය එහෙම නෑ.කොහොම වෙතත් මේ දෙපාර්ශ්වයටම කියන්න තියෙන්නේ තමන්ගේ ඇඟට පහසුයි කියලා දැනෙන විදියේ ඇඳුම් අඳින්න කියලයි.අනික මේ කාලවකවානුවේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය වැඩියි.ඉතින් තවත් ඇඟට රස්නේ දැනෙන විදියේ අමුද්‍රව්‍ය භාවිත කරන්නේ නැතිව හොඳ කපු රෙද්දෙන් යුතු ඇඳුම් භාවිතා කරන්න.

ප්‍රසූතිය සිද්ධ කරන්න ඔබ තෝරගන්න වෛද්‍යවරයා ඔබේ ස්වාමිපුරුෂයාටත් වඩා ඔබ ගැන දැනගෙන ඉන්න ඕනි.සමහර බිරින්දෑවරු පවුලේ පාරම්පරිකව තියෙන සමහර ලෙඩ හංගනවා.ඒ දේ කරන්නම හොඳ නැහැ.දරුවට තමයි බලපාන්නේ.මේක අම්මාගේ තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්.ඒ කියන්නේ වයස අවුරුදු 35ට වැඩි නම්,දියවැඩියාව වගේ සෞඛ්‍යය ගැටලු තියනවා නම් අදාළ වෙනස්වීම් වෙනවා. වෛද්‍යවරයා හමු වුණාම පළවෙනි වතාව නිසා ලැජ්ජා නැතුව සැක තැන් තියෙනවා නම් විසඳගන්න.

ගර්භනී කාලේ කියන්නේ නිදහසේ ඉන්න තියෙන අන්තිම කාලේ.බබා හම්බුණත් හෙල්ලෙන්නවත් හම්බෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමන් වෙනුවෙන් කාලය වැය කරන්න.යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න,චිත්‍රපටයක් බලන්න යන්න,ආස කරන සින්දු අහන්න,පැය 8ක නින්ද ලබලා ඊට අමතරව අවශ්‍ය නම් දවල් කාලයේ පොඩි නැප් එකක් දාන්න. ගර්භනී කාලයේ බය වෙන්න ඒපා.හිතේ නිදහසින් ඉන්න.මොකද බයවෙලා මානසික පීඩනයෙන් හිටියොත් ඒ්ක දරු ප්‍රසූතියට බලපානවා.