ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 ක පාලන මිලක ට

ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 ක පාලන මිලක ට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවස යි අද (12) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ රේගුව සඳහන් කළේ බහාලුම් රැගත් බාබරා නෞකාව අද පස්වරුවේ කොළඹ වරායෙන්පිට ව ගිය බව යි

“මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනය ට සුදුසු දේශීය ව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රුපියල් 450 කට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා..
ඒ ගිවිසුමට අපිට එලෙඹෙන්න පුළුවන් එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල් වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ කිසිදු හිඟතාවයක් නොමැති ව රුපියල් 450 මිල ට පොල් තෙල් සැපයීම ට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින් ගේ සංගමය සමඟ අපි ඉදිරියේ දී ගිවිසුමක ට එනවා ” මේ අතර පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික් ටොන් 105 ක තොගයක් මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද පියවර ගත්තේ ය මෙලෙස ප්‍රතිඅපනයනය කෙරුණේ කටාන රිෆයිනරීස් සමාගම ගෙන්වා තිබූ පොල් තෙල් තොගය යි මින් ඉදිරිය ට “ඇෆලටොක්සීන්“ අඩංගු බවට සැකකෙරෙන ආනයනික පොල් තෙල් හා වියළි මිරිස් අදාළ සමාගම්වල ගබඩා වෙත නිදහස් නොකරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත බාබරා නමැති නෞකාව අද ළඟා වුණේ “ඇෆලටොක්සීන්“ නමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයන් කොටසක් මෙරටින් රැගෙන යාම සඳහා යි අලි බ්‍රදර්ස්,එදිරිසිංහ එඩිබල් ඔයිල් හා කටාන රිෆයිනරීස් යන සමාගම් 03 ආනයනය කර තිබූ පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1900 කට ආසන්න වන අතර එම සමස්ත තෙල් තොගයම මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ආහාර ආරක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී තිබුණි ඒ අනුව කටාන රිෆයිනරීස් සමාගම පමණක් මෙරට ට ආනයනය කළ සම්පූර්ණ ප්‍රමාණය එනම් මෙට්‍රික් ටොන් 105 ක පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද උදෑසන 10 ට පමණ සිදුවිය මෙලෙස ප්‍රතිනැව්ගත කෙරුණේ එම සමාගමට අයත් කටාන බටපත්තල පිහිටි අංගනයේ තිබිය දී පසුගියදා රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ බහාලුම් 06 යි එම බහාලුම් රේගුවෙන් නිදහස් කළ බව ට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය හෙළිදරව් කිරීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර ඊට ප්‍රතිචාර දැක්වූ රේගුව සඳහන් කළේ ප්‍රමිති ආයතනයේ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ රේගු මුද්‍රා සහිතව සමාගම්වල ගුදම් වෙත පමණක් බව යි මතභේදයට තුඩුදුන් එම බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ට අද ඉඩ ලබාදීම විශේෂත්වයකි මෙරටින් ප්‍රතික්ෂේප කෙරෙන කිසියම් බහාලුමක් රැගෙන ආ රටටම යැවීම ක්‍රමවේදය වන අතර ඒ අනුව එම පොල් තෙල් තොගය මැලේසියාවට යැවීම
සිදු වේ

News Editor

Next Post

රටින් පැනගන්න මාත් රට හැර යන්න හිතන්නේ රෙද්දක් ඇදන් පාරෙ යන්න බෑ

Tue Apr 13 , 2021
ඇෆල.ටො..ක්සින් සහිත ආහාර වල නම් හෙළි කිරීමට නොහැකියැයි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරිනිය විසින් කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.දේශපාලඥයන්ද, නිලධාරීන්ද, මහජනතාව ද ඒ ආකාරයෙන්ම හැසිරෙන බව පැවසූ ඔහු ලංකාව මහා පිස්සු රටක් යයිද පවසයි.එනිසා කළ හැකි හොඳම දේ හොඳට ඉගෙනගෙන වෙන […]
web stats