පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී.. හරීන් කුණුහරුප කියමින් හැමතැනම යයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර සභා ගැබේ දීම මෙම ගැටුම හටගෙන තිබිණි.ඉන් අනතුරුව කතානායකවරයා සභාව කල් තැබීමෙන් පසු මෙම ගැටුම හටගෙන තිබේ.

හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.

News Editor

Next Post

ඉන්දියාවෙන් ඊයේ පමණක් කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 03 කට වැඩි පිරිසක්

Thu Apr 22 , 2021
ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී පමණක් කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 03 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළදී එරටින් ආසාධිතයන් 03 ලක්ෂ 15 දහස් 802 දෙනෙකු සටහන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. මේ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 24 දහස් 806 […]
web stats