පෙට්‍රල් ඇතුලු ඉන්ධන මිල ඉහල යයි

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර තිබේ.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම සංශෝධනය සිදුකරන දිනය නොදුරේදී ම දැනුම්දෙනු ඇති බවය.

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.

අනෙකුත් ඉන්ධන මිල වැඩි කර ඇති ආකාරය මෙසේය

News Editor

Next Post

අමෙරිකාවෙත් අපිට වැඩිය පෙට්‍රල් වල මිල ඉහළයි -

Sat Jun 12 , 2021
මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක් බව ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කරුණු පැහැදිලි කරමින් කියා සිටියා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි. පළමු මාස 04 තුලදී පමණක් බිලියන […]
web stats