පෞද්ගලික වැඩ තිබ්බත් ඒවා පැත්තක දාලා ඔබට සේවය කරන්න තියෙන අවශ්‍යතාව නිසයි ආවේ

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නල්ලූර ප්‍රදේශයේදී ඉදිකෙරෙන පානිය ජල ව්‍යාපෘතියකට ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (07) මුල්ගල තැබුණා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය රෝහිත මහතා කියා සිටියේ සිය බිරිඳට දෙවැනි දරු උපත සිදුකිරීමට ඉතාමත් ආසන්න බවත් පෞද්ගලික ජිවිතයේ කොපමණ වැඩකටයුතු තිබුනත් ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාව ඇති නිසා එම කටුයුතු පසක දමා මෙයාකාරයෙන් ගම්මාන වලට පැමිණෙන බවයි.

රජයක් ලෙස හා ජනාධිපති වරයකු ලෙස කිසිඳු වැඩක් නොකරන බවට මේවන විට මාධ්‍ය තුළින් සහ සමාජ මාධ්‍ය තුළින් සෑහෙන්න බැනුම් ඇසීමට සිදුව ඇති බවත් මෙහිදී කියා සිටියේය.

එයට ප්‍රධාන හේතුව රජයක් ලෙස ඔවුන් කරන සේවය ගම්මාන තුළ කතාබහට ලක්වුවත් රට තුළ ප්‍රසිද්ධ නොවීම බව වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්යවරයා පැවසීය

News Editor

Next Post

‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති

Thu Apr 8 , 2021
ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය. […]
web stats