බස්නාහිර පළාතේ උපකාරක පංති ආරම්භ වන දිනය

බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව තහවුරු කළාය.

උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය.

News Editor

Next Post

ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති

Wed Apr 7 , 2021
යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ.වසන්තයේ දී දළුලන තුරු ලතා අධික ශීතලෙන් ආරක්‍ෂාකරගැනීම සඳහා නැගෙනහිර ප්‍රංශයේ වෙස්තොෆෙන් පළාතේ රාත්‍රියේ ඉටි පහන් දල්වා ගස් රැකගැනීමට ගන්නා උත්සාහයකි.බොහෝ පළතුරු වතු පිහිටි මෙම පළාතේ කාලගුණ අනාවැකිය වී […]