බස් මගීන්ට අසුභයි -බස් රථය ඇළකට පෙරළෙයි 18ක් රෝහලට

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළී අද (06) දහවල් එම අනතුර සිදුව ඇතැයි වාර්තාකරු පැවසීය.

ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු පවසා තිබේ.ප්‍රදේශවසීන්ගේ සහාය ඇතිව බස් රථයේ සිරවී සිටි මගීන් ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය පැවසීය.අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර කාන්තාවන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තුවාල ලැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

News Editor

Next Post

සිද්දිකාට වැඩ වරදින ළකුණු..? – ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා ගැන විමර්ශනයක්..!

Tue Apr 6 , 2021
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ඔන්ලයින් මාධ්‍ය හමුවට එක්වෙමින්. ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් […]
web stats