බ්‍රිතානයේ ඔබට සංචාරයකට මේ මොහොතේ හොදම රට ශ්‍රී ලංකාවයි |කොරෝනා වෛරසයෙන් බේරී සිටිය හැකියි

999

මහා බ්‍රිතානයේ SKY News ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් Virgin Atlantic and Eurostar ලොව දැවැන්තම සංචාරක සමාගම් අධ්‍යක්ෂ Paul Charles පවසා සිටියේ කොරෝනා වෛරසය (Covid19 ) පැතිර යන මෙම අවස්ථාවන්හිදී බ්‍රිතානයේ පුරවැසියන් තම නිවාඩුව ගත කිරීමට ගමනාන්තයක් තෝරා ගන්නේ නම් කැරිබියන් දුපත් හා ශ්‍රී ලංකාව තමා අනුමත කරන බවයි.

ශ්‍රී ලංකාව හා කැරිබියන් දුපත් වල පවතින 30C පමණ උණුසුම් දේශගුණය නිසා කොරෝනා වෛරසයන් බේරී සිටීමට වැඩි අවස්ථාවක් පවතින බව හා හිරු රැස් සොයා ගමන් කලයුතු බව ඔහු පවසයි.

මෙවැනි තත්වයක් මත ලොව නන්දෙසින් සංචාරකයන් සංචාරයට වඩා කොරෝනා වෛරසයන ගැලවීමට මගක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට වැඩි ඉඩ කඩක් පැවතිය හැක. යුරෝපයේ පවතින දැඩි ශීත කාලගුණය නිසා කොරෝනා වෛරසය වඩා ඉකමනින් පැතිර යන බැවින් මීට සුළු මොකොතකට පෙර (09) ඉතාලිය මුළුමනින්ම වසා දැමීමට එහි බලධාරීහු ක්‍රියා කළහ.

මෙවන් තත්වයක් මත යුරෝපීහු ශ්‍රී ලංකාව ගමනත්තයක් ලෙස තෝරා ගතහොත් එමගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ජිවිත වලටද කොරෝනා වෛරසයේ තර්ජනය පැමිණිය හැක. ශ්‍රී ලංකා රජයට මේ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කාලය පැමිණ ඇත.