බුවීව ලැබුනුදා ඉදන් මගේ ජීවිතේ ලොකු දියුණුවක් වුනා – සජිත අනුත්තර

සජිත ඇන්තනී කියනවාට වඩා මේ දවස්වල නම් අපිට ඔහුගේ නම ගොඩක්ම අහන්න දකින්න ලැබෙන්නේ සරා කියලා. පුංචි කාලේ ඉදලාම රංගන කටයුතු වලට එක් වුන සජිත සුරිය අරණ, අබා වැනි චිත්‍රපටි මගින් බොහෝ ජනප්‍රිය වුනා. ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් නැවතත් රටේම ආදරය දිනා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා.

කළා පවුලකින් පැවත එන ඔහු ප්‍රවීණ කළාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ රංග ආභාෂය සහ ලේ උරුමය හිමි කරගත්ත ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බාල පුතු තමයි සජිත. ඉතින් මේ දවස් වල කා අතරත් අතිශයින්ම ජනප්‍රිය සජිත පහුගිය දවසක පුවත්පතක් එක්ක එකතුවෙමින් ඔහුගේ කළා කටයුතු ගැන වගේම පවුද්ගලික ජීවිතේ ගැනත් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මේ දවස් වලනම් ඒ තරම් සුබදායී තත්වයක් නැහැ ඉතින්. ගෝලීය අර්බුදකාරී තත්වයක් පවතින මේ වගේ මොහොතක කළා කරුවන් විදිහට අසීරු තත්වයක තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් මේ පරිසරයට හැඩගැසීම තුල කාලය ගෙවනවා. ඒ වගේම නලීන් පෙරේරා සංගීතඥයාගේ තනුවකට කරපු මගේ අලුත්ම ගීතය නුදුරේදීම දවසක එලි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ වගේම චිත්‍රපට හතරක් සහ නාට්‍ය තුනකින් ඉදිරියේදී මාව දැක ගන්න ලැබේවි. ඒ වගේම ආදරය වගේම විවාහයේ බැඳීම් මන් ගොඩක් ගෞරව කරන සංකල්පයක්. ඒ ගෞරවනීය හැඟීම මන් ඉගෙන ගත්තේ අපේ පවුලෙන්. මගේ පවුලේ අම්මා අප්පච්චි අක්කා අයියා ඉන්නවා. මේ වෙනකොට අපේ පවුල ලොකු පවුලක් බවට පත්වෙලා. මට බුවීව වගේම අයියට එමී අක්කව අරණ්‍යා චුටි දුවව ලැබිලා ඉන්නවා. අක්කට මිලාන් අයියා ලැබිලා ඉන්නවා. පවුලේ සංස්කෘතිය විශාලනය තුල එය තවත් ශක්තියක් වුනා කියලා මට හිතෙනවා.

බුවී කියලා කියන්නේ සංසාරයේ පතාගෙන ආපු මටම ලැබිය යුතුම කෙනා කියලයි මට හිතෙන්නේ. සමහරක් වෙලාවට මටත් වඩා මාව ඇයට තේරෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ බුවී මට ලැබුන දා පටන්ම මගේ නිර්මාණකරණයේත් ලොකු දියුණුවක් ඇතිවුනා කියලයි සජිත අනුත්තර අවසන් වශයෙන් පවසලා තිබුනේ. ඉතින් මේ දක්ෂ කලාකරුවා, ඔහුගේ ආදරණීය බිරිඳ බුවිත් එක්ක ගෙවන ආදරණීය සුන්දර ජීවිතේ අපුරු ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

patholaya patholaya

Next Post

දිනක්ෂි සහ සාරංගගේ නවතම සරාගී ඡායාරූප පෙළක් එළියට

Wed Jul 7 , 2021
දිනක්ෂි සහ සාරංග කියලා කියන්නේ හැමෝම ආදරය කරන යුවළක්. ඉතින් ඔවුන් මේ දිනවල මව්පිය පදවි වලට සූදානම් වන බව නම් නොරහසක්. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් මේ දෙදෙනා ගොඩාක් ජනප්‍රියයි.  දිනක්ෂි කියන්නේ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් දක්ෂතා රැසක් තිබෙන සුන්දර කළා ශිල්පිනියක්.  ඉතින් ඒ […]
web stats