BREAKING NEWS
Search

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා කොටස ජනසතු කරන දිනය

133

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස වන පොතුහැර – ගලගෙදර දක්වා වූ ඉදිකිරිම් 2020-12-19 වන සෙනසුරාදා දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුහැර වදාකඩ මාර්ගයේ ලිහිණිගිරිය ප්‍රදේශයේ සුබ මොහොතින් ආරම්භ කෙරුණා.

පොතුහැර සිට ආරම්භ වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටස රඹුක්කන හරහා ගලගෙදර ප්‍රදේශයෙන් අවසන් වනවා. මෙහි සමස්ත දුර කි.මි. 31.7ක් වන අතර මංතීරු 4කින්මා සමන්විතයි. මාස 48කින් මෙම ව්‍යාපෘතිය නිමකිරිමට අපේක්ෂිතයි.

පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන, ගලගෙදර යන අන්තර් හුවමාරු 4කින් මෙම අධිවේගී මාර්ග කොටස සමන්විතයි. මෙම මාර්ගය සඳහා රුපියල් බිලියන142.5 ක් වැය වනවා.

මෙම කොටසේ ඉදිකිරීම්,ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහාමාර්ග මහාමාර්ග අමාත්‍යංශයේ ඍජු මග මග පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබනවා. රඹුක්කන කුඩාඔය ප්‍රදේශය අසල ප්‍රධාන පාර දෙපස විවේකී පහසුකම් සංකීර්ණයක් නිර්මාණය කෙරෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර මීරිගම සිට පොතුහැර දක්වා කොටස ලබන වසරේ මාර්තු 31 දා ට කලින් අපි ජනතා අයිතියට පත් කරන බවත් කඩවත සිට මීරිගම දක්වා කොටස වසර 2 1/2 නිම කිරීමට බලාපොරොත්තු වන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ මෙම උත්සවය අමතමින් සඳහන් කළා.