මසකට කෝටි 27 ක වැටුපක් ලබන ලාංකික කාන්තාව

837

ලංකාවේ කාන්තාවන් බොහොමයක් ලෝකය පුරා විවිධාකාරයේ ජයග්‍රණයන් ලබාගෙන තියෙනවා.මේවා ගැන කාලයෙන් කාලයට විවිධකාර කතාබහ ඇතිවෙනවා.ඔබ දන්නවාද ඕස්ට්‍රේලියාවේ විධායක ශ්‍රේණියේ ඉහලම වැටුප් ලබන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක්.ඇය නමින් ශෙමාරා වික්‍රමනායක,ඇය මාසිකව ඩොලර් මිලියන 1.5ක පමණ වැටුපක් ලබනවා.මෙය රුපියල් වලින් ගත්තාම කෝටි 27ක් පමණ වෙනවා.ඇගේ වාර්ෂික ආදායම ඇ.ඩො මිලියන 18ක් පමණ වෙනවා.

මේ දත්ත ප්‍රකාශයට පත් වුණේ Open Director නම් දත්ත සමාගමක වාර්තාවක් සමඟයි.ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඉහලම වැටුප් ලබන විධායක නිළධරින් 50 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර එහි ශෙමාරා හැර සිටින්නේ තවත් කාන්තාවන් තිදෙනෙකු පමණයි.ශෙමාරා සේවය කරන්නෙ මැක්වරි නම් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිණිය ලෙසයි.එම සමාගමේ අදාල තනතුරට පත්වූ පළමු කාන්තාවද ඇයයි.

ශෙමාරාගේ පියා රංජි වික්‍රමනායක වෘත්තියෙන් වෛද්‍යවරයෙක්,ඔහු තම අධ්‍යාපනය එංගලන්තයේදී හමාර කර විවාහ වී එහිම පදිංචි වුණා.ශෙමාරා ගේ වැඩිමහල් සොහොයුරිය සහ ශෙමාරාගෙ උපතින් පසු ඔවුන් නැවත ලංකාවට ආවා. නමුත් ඉන්පසු රටෙහි ඇති වූ දේශපාලන වාතාවරණය සමඟ ප්‍රකට අධිනීතිඥ්‍යකු වූ ශෙමාරාගේ සීයාට එල්ලවූ චෝදනා නිසා ඔවුන්ට නැවත එංගලන්තයට සංක්‍රමණය වීමට සිදු වුණා.එංගලන්තයේදී ශෙමාරාගේ පියාට නිසි රැකියාවක් සොයා ගැනීමට අපහසු වූ අතර ඇයට වයස අවුරුදු 14දී ඔවුන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට සංක්‍රමණය වුණා.ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙනවිට ඔවුන්ගේ පවුල සතුව තිබුණේ ඩොලර් 200ක මුදලක් පමණයි.

ශෙමාරාගේ වැඩිමහල සොයුරිය ඕස්ට්‍රේලියාවේ නීතිඥ සංගමයේ සාර්ථක හා කීර්තිමත් නීතිඥවරියක වන අතර ඇගේ බාල සොයුරා ශල්‍ය වෛද්‍යවරයෙක්.

ශෙමාරාගේ සතියක වැටුප තුන්ලක්ෂ හතලිස් හයදහසක් පමණ වෙනවා.මේක සාමාන්‍ය ඕස්ට්‍රේලියානු ජතිකයෙකුගේ සතියක වැටුප මෙන් 211 ගුණයක් වෙනවා.ශෙමාරාගෙ වයස දැන් අවුරුදු 57ක් වෙනවා,ඇය 1987 පලවෙනි රැකියාවේ පටන් ලෝකය පුරා සමාගම් නවයක සේවය කරලා තියෙනවා.