”ගිලා බැසීමට ලක්වූ නිවස බලන්න යන්න එපා” – පොලිස් අධිකාරීවරයා ජනතාවගෙන් ඉල්ලයි

191

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ ගිලා බැසීමට ලක් වූ නිවස අවට බෑවුම් ප්‍රදේශයේ ද පොළොව සහ නිවාස පිපුරුම් ලක්ෂණ පෙන්වන බැවින් එම ස්ථානය අනවශ්‍ය ලෙස නැරඹීමට පැමිණ එක්රොක් නොවන ලෙස මහනුවර  කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ අවට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ඔහු ඉල්ලා සිටින්නේ.

මහනුවර,බූවැලිකඩ,සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් හෝටලයක් යාබද නිවසක් මතට අද (20) අළුයම කඩාවැටිණි.

මෙම අනතුරින් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳෙකුට දිවි අහිමි වූ අතර සුන්බුන්වලට යටවූ බිළිඳාගේ මව්පියන්ගේ සිරුරුද මේ වන විට සොයාගෙන ඇති බවයි සඳහන් වේ.