රටම ලොක්ඩවුන් අවදානමක් අබියස..

275

මෙරට තුළ කොරෝනා වසංගත ව්‍යාපෘතිය සමාජ පැතිරීමක් යන නිර්වචනය ඇතුලට දැමීමට තරම් රෝග ව්‍යාප්තිය දරුණු වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව රට පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 340ක් තුළින් කොරෝනා රතු අවදානම් කලාප වී ඇත්තේ වෛද්‍ය නිලධාරී කොට්ඨාස 25-30 ත් අතර ප්‍රමාණයක් බවයි.

එනිසා පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා හොඳම ක්‍රමය කුඩාම ඒකකයට සංචරණ සීමා පැනවීම් බවද ඔහු පැවසීය.

ඒ අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් අවදානම හඳුනාගෙන අවශ්‍ය කොටස් සදහා සංචරන සීමා පැනවීම වඩා සුදුසු බවද ඔහු පැවසුවේය.

එමගින් සමස්ත රටට සිදුවන බලපෑම අවම කර ගත හැකි නමුත් දැනට සිදුවන සං ක්‍රියාවලිය පිළිබඳව සම්පූර්ණයෙන් සතුටු විය නොහැකි බවද ඔහු කියා සිටියේය.

අවදානම නිසි පරිදි තක්සේරු කර ප්‍රාදේශීය වශයෙන් වසා දැමීමට කටයුතු නොකළ හොත් රටම වසා දමන අවදානමක් ඇති වනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.