BREAKING NEWS
Search

රැඳවියන්ට සුරසැප දුන් මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාගේ වැඩ තහනම්

281

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා. අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව ඔහුගේ වැඩ තහනම් කළ බවයි.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඉකුත්දා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයේ 7, 8 යන සිර මැදිරිවල තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. ඉන් පසුව චෝදනා එල්ල වී සිටින බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කළුතර බන්ධනාගාරයේ දෙවන නිලධාරියා ලෙස මාරු කර යැවීමට බලධාරීන් තීරණය කළා.

කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ චෝදනාවට ලක්වී සිටින නිලධාරියා එම බන්ධනාගාරයේ රාජකාරී සඳහා වාර්තා නොකළ බවයි අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.




error

Enjoy this blog? Please spread the word :)