ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිලට ගන්නා ලෙස සුපිරි නළු “ෂාරුක් ඛාන්ට” ඉල්ලීමක්

392

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත්ව ඇති කණ්ඩායම් අතුරින් එක් කණ්ඩායමක් මිලට ගන්නා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ ෂාරුක් ඛාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ට්‍රින්බැගො ,නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද හිමිකාරිත්වය දරණු ලබනවා. ඒ අනුවයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමක් මිලට ගන්නා ලෙස ෂාරුක් ඛාන් ගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම ලෙස ගොල් ග්ලැඩියෙටර් කණ්ඩායම පාකිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ක්වීටා ගැඩියෙටර්  කණ්ඩායම ඊයේ සිය හිමිකාරිත්වය තහවුරු කර ගනු ලැබුවා. ඒ අනුව ගොල් ග්ලැඩියෙටර් පිලේ නායකත්වය හිටපු පාකිස්ථාන නායක ෂාහිඩ් අෆ්රිඩි විසින් දරනු ඇති.

newswire.lk