වයස ප්‍රශ්නයකට නොගෙන විවාහ වූ ලංකාවේ ජනප්‍රිය යුවල්

197

මේ දවස් වල සමාජ මාධ්‍ය ජාලවල මේක ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක්. පෙම්වතුන් හෝ විවාහක යුවලවල් අතර වයස් පරතරය ගැන ඇතිවෙලා තියෙන කතාබහේ දී සමහර අය මේ ගැන ධනාත්මකව හිතන අවස්ථා තියෙනවා වගේම බහුතරයක් දෙනා මේවා අනුමත කරන්නේ නැති බවක් තමයි පෙනෙන්නෙ.සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා ආදරේට වයස බාධාවක් නෙවෙයි කියලා. නමුත් අපේ රටේ ගොඩක් දෙනා සංස්කෘතික සහ සාම්ප්‍රදායික රාමුවක් ඇතුලේ තවමත් හිතන නිසා මේ වෙනස්කම් එකපාරටම දරාගන්න අමාරුයි.

ප්‍රංශයේ ජනාධිපතිවරයා විවාහ වුණේ තමන්ගේ පෙර පාසල් ගුරුතුමියත් සමග.ඉතාම දියුණු සංස්කෘතියක් තියෙන ප්‍රංශයේ පවා ගොඩක් දෙනා ප්‍රංශ ජනාධිපතිවරයාගේ බිරිඳ තම ප්‍රථම කාන්තාව ලෙස පිළිගන්න කැමැති වුණේ නෑ.එක එක්කෙනා මේ ප්‍රශ්නය දිහා බලන්නේ වෙනස් විදිවලට නමුත් අපේ රටේත් විශාල වයස් පරතරයක් තියෙන යුවලවල් ගොඩක් ඉතාම ලස්සන පවුල් ජීවිත ගත කරනවා. මේ එයින් කීපදෙනෙක් ගැන විස්තර

1. ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සහ සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය

ලෙස්ටර් ජේමිස් පීරිස් කියලා කියන්නේ ලංකාවේ සුප්‍රකට ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු අවස්ථාව වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” චිත්‍රපටිය කාන්ස් චිත්‍රපට උළෙල නියෝජනය කළ අවස්ථාවයි. ගම්පෙරළිය, කලියුගය,යුගාන්තය, නිධානය, අවරගිර,ගොලු හදවත ආදී තවත් විශිෂ්ට චිත්‍රපට රාශියක් ඔහු අතින් නිර්මාණය වුණා.

සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතර වයස පරතරය අවුරුදු පහළොවක් ඔවුන් දෙදෙනා  වයසින් පමණක් නෙවෙයි ආගම,කුලය,පවුල් දේශපාලනය ආදී වෙනත් දේවල් වලිනුත් විශාල ලෙස වෙනස්කම් සහිත දෙන්නෙක්.නමුත් මේ දෙන්නා ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා මෑත කාලයේදී දිවියෙන් සමුගන්නා තෙක්ම ඉතාමත් ආදරෙන් ජීවත් වුණා.ඒ වගේම සුමිත්‍රා ගුණවර්ධන මහත්මිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාව ඉතා ආදරයෙන් බලා ගත් බව සුප්‍රකට කරුණක්.

2. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ රත්වත්තේ මහත්මිය

ලොකු වයස් පරතරයක් එක්ක විවාහ වෙන එක මේ ලඟදි පටන් ගත්ත එකක් කියලා සමහර අය හිතුවත් බොහොම ඈත කාලයේ ඉදලම ලංකාවේ වයස් පරතරය වැඩි අය විවාහ වීම දක්නට ලැබෙනවා.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ රත්වත්තේ කියන්නේ ලංකාවේ සුප්‍රකට ම දේශපාලන චරිත දෙකක්.

මේ දෙදෙනා අතර තිබූ වයස පරතරය අවුරුදු දාහතක්. ඒ වගේම භාෂාව ආගම ආදී වෙනත්  වෙනස්කම් රාශියකුත් තිබුණා. නමුත් මේ දෙදෙනා ම දේශපාලනික වශයෙන් බලවත් පවුල් වලින් පැමිණි අය නිසා ඔවුන්ගේ විවාහයට විශාල දේශපාලනික වටපිටාවක් තිබුණා.

මේ දෙදෙනාත් බණ්ඩාරනායක මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්වන තෙක්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ බව කියන්න පුළුවන්.

3. එදිරිවීර සරත්චන්ද්‍ර සහ ලලිතා ස්වර්ණා පෙරේරා

එදිරිවීර සරත්චන්ද්‍ර කියලා කියන්නේ කොහොමත් තරුණ කාන්තාවන්ගේ හිත දිනා ගත්තු තරුණයෙක් බව ප්‍රසිද්ධයි. ඔහු තරමක් වියපත් වුණත් ඔහුගේ මේ ආකර්ෂණීය බව වෙනස් වුණේ නෑ. මීට අමතරව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කලා හැකියාවන් වලට තරුණියන් විශාල ලෙස ආකර්ෂණය වුණා. එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට ලලිතා මහත්මිය හමුවන විට ඔහුගේ පළමු විවාහයේ දියණියටත් දරුවන් සිටියා. මොවුන් දෙදෙනාගේ වයස පරතරය අවුරුදු තිහක්.

නමුත් විවාහයෙන් පසුව මිය යන තෙක්ම එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ලලිතා මහත්මියත් සමග ආදරයෙන් ජීවත් වුණා. අදටත් එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ නිර්මාණ තවදුරටත් ප්‍රතිනිර්මාණය කරමින් ඒවා ආරක්ෂා කරගනිමින් ජීවමානව තබන්නේ ලලිතා මහත්මියයි.

4. වික්ටර් රත්නායක සහ හෂිනි රත්නායක

වික්ටර් රත්නායක මහත්මයා තම දිවියේ සැඳෑ සමයේ දී ගත් මේ පුදුමාකාර තීරණය නිසා ලංකාවේ සාමාන්‍ය ජනතාව මෙන්ම වික්ටර් රත්නායක මහතාගේ පවුලේ උදවියත් විශාල කම්පනයකට පත් වුණා. විශිෂ්ට සංගීතඥයෙක් වගේම තමන් විශිෂ්ට පුද්ගල චරිතයක් හිමි පුද්ගලයෙක් බවත් ඔප්පු කරමින් සමාජයේ  ඇතිවුණු සියලු පීඩා හමුවේ තමන් ගත් තීරණය නොසැලි ආරක්ෂා කිරීමට වික්ටර් රත්නායක මහතාට හැකි වුණා.

සංගීත ප්‍රසංගයකදී ඔහුට හමුවූ හෂිනි සහ ඔහු අතර වයස පරතරය වසර හතළිස් දෙකක් පමණ වනවා. ලංකාවේ සුප්‍රකට මියුසික් වීඩියෝ  නිර්මාණකරුවෙක් ඔවුන් දෙදෙනාගේ මේ ආදර සම්බන්ධය හාස්‍යයට ලක්කරමින් නිර්මාණයක් ද සිදුකළා.  නමුත් ඔවුන්ගේ ආදරය මේ කිසිවකින් සැළුණේ නැහැ. මේ යුවළ තවමත් ආදරයෙන් ජීවත්වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

5. ජයසේකර අපොන්සු සහ සුජාතා ප්‍රියදර්ශනී

මේකත් ඉතාම මෑතකදී සිදුවුණු සිදුවීමක්. වික්ටර් රත්නායක මහතාගේ සිදුවීමේ දී වගේම මුහුණු පොතේ සහ වෙනත් සමාජ ජාලාවල සිටින පුද්ගලයන් මේ පුවතින් සෑහෙන්න නොසන්සුන් වුණා. වයස අවුරුදු 42 ක පරතරයක් සහිතව විවාහ වුණු මේ දෙදෙනාගේ කතාව පහුගිය කාලය අන්තර්ජාලය තුළ උණුසුම්ම මාතෘකාවක් වෙලා තිබුණා. ජයසේකර අපොන්සු මහතාගේ කලින් විවාහ කිහිපයක් ම බිඳ වැටුණා. නමුත් වයස හැට හතක් වන, ජීවිතයේ සැඳෑ සමයේදී ආදරය සොයා ගන්න ඔහුට පුළුවන් වුණා. ඔහු විවාහ වුණු සුජාතා ප්‍රියදර්ශනීගේ වයස අවුරුදු 25යි.

6. පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන

පුබුදු චතුරංග කියලා කියන්නේ පහුගිය දශක කිහිපයක ලංකාවේ තරුණියන්ගේ ආදරය දිනාගත්තු නළුවෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ තමන්ට වඩා වයස අවුරුදු 13ක් බාල මාෂි සිරිවර්ධන එක්ක. ඔහුට මාෂිව මුණ ගැහෙන්නේ ඇගේ පාසලේ තිබුණු උත්සවයක ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණු වෙලාවක. ඔවුන් දෙදෙනා මේ අවුරුදු හතරක ප්‍රේමය නිම කරන්නේ විවාහයෙන්.