ලොවෙත් නැති වේගයෙන් අසීමිත අන්තර්ජාල පහසුකම

අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර තිබේ.

අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට ඔවුන් චෝදනා කර ඇත.

එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය වසර 10කින් ආපස්සට ගමන් කර ඇති බවත් මෙමගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති අන්තර්ජාල වේගය දැනට වසර 10 කට කලින් තිබුණු වේගයට සමාන වේගයක් බවටද ඔවුහු කියා සිටිති.

එමෙන්ම එම සබඳතා සඳහා නියම කර ඇති ගාස්තු සඳහා ද ඔවුන් දැඩි විරෝධය පළකරති.

නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් අසීමිත අන්තර්ජාල පැකේජයන් කිහිපයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වනවිට එළිදක්වා ඇත.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් හදුන්වා දී ඇති මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් බොහොමයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිහරණය සදහා පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ පැකේජයන් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හදුනාගන්නා අතර විශේෂයෙන්ම මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් මේවන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වෙමින් පවතී.

අසීමිත අන්තර්ජාල පැකේජයන් කියා තම මාෆියාව තරකරගැනීමට කටයුතු කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත අප ශි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු.

News Editor

Next Post

කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නෑ – ඇමති බන්දුල කියයි : වෙළෙදපලේ කුකුල් මස් කිලෝවක මිල රු.800 ඉක්මවයි

Mon Apr 12 , 2021
ඉදිරි දිනවල කුකුළු මස් මිල කිසිසේත් ම ඉහළ නොයන බවත් කුකුළු මස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් ‘මව්බිම’ පුවත්පත වාර්තාකර සිටිනවා. හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක මිල වෙළෙඳපොළේ රුපියල් 430ක් බවත් සතොස අලෙවිසල්වලදී හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් […]
web stats