BREAKING NEWS
Search

විස්තර විචාරකයෙකු ලෙස LPL එන්න හිටිය හර්ෂල් ගිබ්ස් පුහුණුකරුවෙකු වූ හේතුව මෙන්න

161

තවත් දින කිහිපයකින් එනම් 26 වැනිදා හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු කිංස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එක්වීමට නියමිතව සිටි කබීර් අලීට නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එහිදී ඩේව් වට්මෝර් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු කිංස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමත් සමඟ එංගලන්ත හිටපු වේගපන්දු යවන ක්‍රීඩක කබීර් අලී ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය.

තවද ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නකු වන සුදීප් තියාගි පසුගිය අඟහරුවාදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කළ තියාගි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කර ඇති තියාගි මේ මස ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල වයිකිංස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්.පී.එල්.) තරගාවලිය සඳහා තරග වදින ප්‍රධානතම කණ්ඩායමක් ලෙසින් සැලකෙන ‘කලම්බු කිංස්’ කණ්ඩායමේ හිමිකාරීත්වය පසුගියදා නිවේදනය කර තිබිණි.

ඒ අනුව ඩුබායිහි පිහිටි ‘ෆාසා’ සමූහ ව්‍යාපාරය මෙම තරගාවලියේදී කලම්බු කිංස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි. ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක තම ආධිපත්‍ය පතුරුවා ඇති ෆාසා සමූහය මේ වන විට බහරේනය, කටාර් රාජ්‍යය, ක්වේටය, ඕමානය හා ඉන්දියාව තුළ තම සමාගම් ජාලය ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ.

මේ අතර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ විස්තර ප්‍රකාශයකු ලෙස එක්වීමට නියමිතව සිටි හර්ෂල් ගිබ්ස් කලම්බු කිංස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එක්කර ඇති අතර, එම කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙස මෙයට පෙර පත්කර සිටි චමින්ද වාස් වෙනුවට එම තනතුර සඳහා රංගන හේරත් පත්කර ඇතැයිද පැවැසේ.