සත්තු වගේ හැසිරිලා කොච්චර සිරිපාදේ ගියත් – වැඩක් නෑ.

මේ දවස්වල සිරීපාදෙ යනවනම් පැය ගනන් පෝලිම්වල ඉන්න බලාගෙන යන්න
එක පඩියක් නගින්න විනාඩි 20ක් විතර යනවා.ඉවසීමක් විනයක් නැත්නම් මේ දවස්වල යන්න එපා.මොකොද ගොඩක් අය බැමි දිගේ වැටවල් වලින් පැනල යනවා.ඒ වගේ වැඩවලින් තව අය පීඩාවට පත්වෙනව වගේම ලොකු අනතුරක් වෙන්නත් පුලුවන්.හැමතැනම ප්ලාස්ටික් බෝතල්,පොලිතින් බෑග් දාල විනාස කරල.සත්තු වගේ හැසිරිලා කොච්චර පින් කරත් වැඩක් නෑ.

වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්තාවන්හිදී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමානය. “නැගලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි.”සිරිපා කරුණා කර පැමිණෙන පිරිස සිරිපා කරුණා කරන්නට යන පිරිස සඳහා දේවාශිර්වාදය පතති.“නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි.”එමෙන්ම සිරිපා කරුණා කිරීමට යන විටදී එයටම ආවේණික වූ රස කැවිල්ලක්ද රැගෙන ඒම සිරිතකි. එනම් අග්ගලාය. තෙල් වලින් තොර වූ රස කැවිල්ලක් වන මෙය සීතල දේශගුණය හේතුවෙන් ගල් වෙයි. එවිට එය දීර්ෂ වේලාවක් අනුභව කිරීමට අවස්ථාව සැලසෙයි. අග්ගලා නිසාම විවිධ තාල පදද බිහි වී තිබේ. අග්ගල කන්ඩ ඕන පුතා, හෙලේ නගින්න ඕන පුතා යන වදන් ජනශ්රැතිය අභාශයෙන් “අග්ගලකංඩෝං පුතා හෙලේනගිංඩෝං පුතා” යනුවෙන් ව්යවහාරයේ යෙදෙයි. බොහෝ විට සිරිපා කරුණා කිරීම ආරම්භ වනුයේ රාත්රී කාලයේ දී පන්දම් අතින් ගෙන කණාමැදිරියන් පෙළක් ලෙසිනි. හුදෙක් දහවල් කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හා පසුදා උදෑසන මළුවේ සිට ඉර සේවය බැලීමේ අනගි අවස්ථාව උදා කර ගැනීම සඳහාය. එමෙන්ම කොපමණ පිරිසක් සිරිපා වන්දනාවට පැමිණියද සිරිපා මළුවේ ඉඩකඩ සීමා නොවන බවට මතයක් පවතී. මළුවට පැමිණෙන බැතිමත්හු පඩුරු පූජා කිරීමෙන් ශ්රී පතුල සිපාචාර කරති. ශ්රී පතුල සිප ගැනීමෙන් ගමන් විඩාව සැනකින් තුරන් වන බව වන්දනා කරුවෝ පවසති. එමෙන්ම මළුවේ පිහිටි ඝණ්ඨාරය නාද කිරීමේ දී ද පිළිවෙතක් පවතී. කිරිකෝඩු තැනැත්තා ඝණ්ඨාරය නාද කිරීමෙන් වැළකී සිටියි. සෙසු අය තමන් පැමිණි වාර ගණයට සමාන අයුරින් ඝණ්ඨාරය නාද කරති. කිරිකෝඩු පුද්ගලයා දෙවන වර පැමිනෙන්නේ නම් එම අවස්ථාවේ දී පළමුවර සිහිපත් කිරීම සඳහාත්, දෙවනවර සිහිපත් කිරීම සඳහාත්, ඝණ්ඨාරය දෙවරක් නාද කරයි. හිමිදිරි පාන්දර සූර්යයා පෙරදිගින් උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වනුයේ “ඉර සේවය” යන නමිනි. ඉර සේවය බැලීමෙන් පසු නැවත කරුණා කිරීම සිරිතකි.

News Editor

Next Post

ලාබෙට ඔබත් කේක් කනවද ? - කන්න කලින් කියවන්න

Sun Apr 18 , 2021
ලාබෙට ඔබත් කේක් කනවදා – කන්න කලින් කියවන්නසාමාන්‍ය බටර් කේක් 1kg නිවැරදි ප්‍රමිතියට සෑදීමට සඳහා අවශ්‍ය කළමනා මොනවාදැයි අපි බලමු, බටර් 250g රතු බිත්තර 5 කේක් පිටි 250g සීනි 250g Fresh milk කෝප්ප 1/2 බේකිං පවුඩර් 2 tsp ( මේස හැදි) වැනිලා 2 tsp ලුනු 1/4 tsp ( කැමතිනම් පමණක් […]
web stats