ස්වරණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සියළු ව්‍යාපාර කටයුතු වහාම අත්හිටුවයි.. මහ බැංකුවෙන් නියෝග..

ස්වරණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් අයතනයේ සියලු ව්‍යාපාර කටයුතු ඊයේ දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවා තිබේ.

එම ආයතනයේ මුදල් තැන්පත් කරුවන් ගෙන් 94% ක පමණ මුදල් ප්‍රමාණයක් මේ වනවිට ගෙවා අවසන් වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමෙන් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකාර මණ්ඩලය විසින් එහි කළමනාකරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට කිරීමට නියමිතව තිබේ.

ඒ හරහා ඉතිරි තැන්පත්කරුවන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් රටපුරා පිහිටි මහජන බැංකු ශාඛා මඟින් ගෙවීමට නියමිතය.

News Editor

Next Post

ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 ක පාලන මිලක ට

Tue Apr 13 , 2021
ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 ක පාලන මිලක ට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවස යි අද (12) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ රේගුව සඳහන් කළේ බහාලුම් රැගත් බාබරා […]
web stats