සිද්දිකාට වැඩ වරදින ළකුණු..? – ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂිකා ගැන විමර්ශනයක්..!

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ඔන්ලයින් මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විටත් කතිකාවක් ඇතිව තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ඊයේ දිනයේද පාර්ශ්ව කිහිපයක් ඒ සම්බන්ධයෙන් CID යට පැමිණිලි ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ දේශීය සමාගම් කඩාවැටෙන බැවින් පිළි කා කාරක අඩංගු ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස ඇය කළ මෙම ප්‍රකාශයට සමාජයෙන් එල්ල වූයේ දැඩි විවේචනයක් සහ විරෝධයක්.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩිව විවේචනය කළා.

අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ලක්මවට හඬක් සංවිධානය සහ ජනබල පවුර සංවිධානය CID යට පැමිණිලි ඉදිරිපත් කළා.

පිළි කා කා රක අඩංගු ආහාර නිෂ්පාදන සමාගම් රකිමින් ජනතාව වි නා ශ කිරීමට ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇති බව එම පැමිණිලි මගින් පෙන්වා දී තිබෙනවා.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

News Editor

Next Post

බස්නාහිර පළාතේ උපකාරක පංති ආරම්භ වන දිනය

Tue Apr 6 , 2021
බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව තහවුරු කළාය. උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.ඒ […]