BREAKING NEWS
Search

හමුදාපතිගේ තීරණය නිවැරදි වෙයි – GMOA තීරණය නිසාද කොරෝනා ආසාධිත කුඩ්ඩෙක් අයි.ඩී.එච් රෝහලෙන් පැන යයි

588

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.මෙම රෝගියා පැන යාම සමාජයට අහිතකර ලෙස බලපෑ හැකි අතර කොරෝනා ශ්‍රී ලංකාවේ පාලනය කර තිබෙනා මේ මොහොතේ යළිත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

මින්පෙර කොරෝනා ආසාධිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට යුධ හමුදාව මූලිකත්වය ගෙන කන්දකාඩුහි විශේෂ පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ඇති කළා.කෙසේ වෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත රටෙහිම ප්‍රධාන සහ වැදගත්ම රැකියාව සිදු කරන්නේ තමන් යැයි සිතා හිස උදුම්මවාගෙන කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හමුදාපතිතුමාගේ මෙම තීරණය විවේචනය කළා.

ඔවුන් ප්‍රකාශ කළේ වලට ඇබ්බැහි වූවන්ටත් ප්‍රතිකාර කිරීමට තමන්ට (රජයේ වෛද්‍ය නිළධාරීන්ට) රජයේ රෝහල් වලදී අවස්තාව දිය යුතු බවය. ඉන්පසුව යුද හමුදා විශේෂ ආරක්ෂාව යොදා තිබූ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මෙම ආසාධිතයන් අයි.ඩී.එච් රෝහලට ගෙන ගොස් තිබුනා.

එහිදී ඉතා පහසුවෙන් මෙම ඇබ්බැහි වූ ආසාධිතයා පැනගොස් තිබෙනවා. ආරක්ෂක අංශයන්ගේ උපදෙස් නොතකා තමන්ගේ බලය පෙන්වීමට තීරණ ගත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම සිදුවීමට පැහැදිලිවම වගකිව යුතු වේ.

තමන් රටේ ඉහළම රැකියාව සිදු කරනා පුද්ගලයන් යැයිද, තමන් රටේ පාලකයන්ට පවා ඉහළින් යැයිද, සියලූම රැකියාවන් සහ පුද්ගලයන් තමන්ට යටත් යැයිද හිස උදුම්මවාගෙන සිටිනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කොරෝනා මර්ධන ව්‍යාපාරයට අකුල් හෙලූ ප්‍රථම අවස්තාව මෙය නොවේ.

ඔවුන්ගේ ගැටලූව වී ඇත්තේ කොරෝනා මර්ධන වැඩසටහනේ ප්‍රමුඛත්වය ලබා නොදී ආරක්ෂක අංශයන්ට ලබා දී රජය විසින් ගෙන යන සාර්ථක වැඩපිළිවෙලයි.මින්පෙර ඔවුන් ජනතාව අධික ලෙස බිය වද්දා රජය අපහසුතාවයට පත් කිරීමට ප්‍රකාශ කළේ කොරෝනා ආසාධිතයන් 2000 ඉක්මවූ පසු ශ්‍රී ලංකාවේ අධික වේගයෙන් කොරෝනා පැතිරි මිනිසුන් මිය යන බවයි.

නමුත් ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථකව කොරෝනා පාලනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ප්‍රශංසා ලබමින් සිටියි.

ඉන්පසුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිදු කළේ කොරෝනා මර්ධන සටනට සහභාගී වී සිටිනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පල නොකියා පලා බෙදීමයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්ගේ බලපෑමෙන් සෞඛ්‍ය ඇමතිවරිය ලවා කොරෝනා මර්ධනය පිණිස නිකුත් කරනා ගැසට් පත්‍රයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීම නවතා දැමීමට ඔවුන් කටයුතු කළා. ඒ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා මර්ධන රාජකාරි වලින්ද ඉවත් වූවා.

ඉන්පසුව රසායනාගාර සේවකයන්ට බලය පෙන්වූ රජයේ වෛද්‍ය නිළධාරීන් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් රසායනාගාර සේවකයන්ට බලපෑම් කිරීමට ආරම්භ කිරීම රසායනාගාර සේවකයන්ගේද දැඩි විරෝධයට ලක්වුනා.මෙරට රජයේ වෛද්‍ය නිළධාරීන් තමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම රටේ ලොක්කන් යැයිද, සියලූම වෘත්තිකයන්ට වඩා තමන් උසස් යැයි සිතා සිටිනා හීනමානයක සිටියි. රටේ පාලකයන් රට පාලනය කළ යුත්තේ තමන්ට අවශ්‍ය පරිදි යැයිද, රටේ සියලූම වරප්‍රසාද ප්‍රථමයෙන්ම හිමිවිය යුත්තේ තමන්ට යැයිද නිගමනයක ඔවුන් සිටියි.

මින්පෙර ඔවුන් වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පාසල් ලබා දීම අනිවාර්ය කරන්නැයි ඉල්ලමින් වැඩවර්ජන පවා දියත් කළේය.ඉන්නොනැවතී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙදියන්ගේ හෝ රසායනාගාර සේවකයන්ගේ අධ්‍යාපනය ඉහළ දැමීමට පවා යෝජනා කිරීමේදි GMOA සංවිධානය විරුද්ධ වීමට තරම් තුච්ච වන්නේ එම හීනමානය හේතුවෙනි.

සිය වෘත්තීය අහංකාරය උදෙසා “මන් පොර” මානසිකත්වයෙන් කටයුතු කරමින් මහජනතාවගේ ජීවිත අවදානමට දමා කටයුතු කිරීම නවතා දැමීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කටයුතු කළ යුතුය.