IPL ක්‍රීඩක වෙන්දේසිය අද

මේ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (18) සිදුකිරීමට නියමිතය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායි නුවරදී සිදු කිරීමට නියමිතය.

එම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී සිටියත් අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 292කි.

අද සිදු කෙරෙන ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින බව සංවිධායකයින් නිවේදනය කර තිබුණි.

මෙවර තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී තිබූ නමුත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් අද පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක කරන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම පන්ජාබ් කිංග්ස් ලෙස වෙනස් කර ඇති බව එම කණ්ඩායම් කළමනාකාරිත්වය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නව ලාංඡනයද ඊයේ එළිදැක් වුණි.

News Editor

Next Post

රජයේ සියලුම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ

Fri Mar 26 , 2021
2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර තිබේ.අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් […]

You May Like

web stats