BREAKING NEWS
Search

නුගේගොඩ ගුවන් පාලමේ අනතුරක්.. හමුදා සෙබලෙක් මරුට.. තවත් දෙදෙනෙකුට බරපතලයි..

145

අද (20) උදෑසන නුගේගොඩ ගුවන් පාලම මතදී යුද හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
උදෑසන කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක්
තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පනාගොඩ දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ හමුදා සෙබළාය.
අනතුර අවස්ථාවේම සෙබළා ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.