බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව තහවුරු කළාය. උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.ඒ […]

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ඔන්ලයින් මාධ්‍ය හමුවට එක්වෙමින්. ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් […]

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළී අද (06) දහවල් එම අනතුර සිදුව ඇතැයි වාර්තාකරු පැවසීය. ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට […]

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා සඳහන් කරයි. ඒ මහතා මෙසේ පැවසුවේ ‘තිරසර සංවර්ධන සංවාදය’ යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. කොළඹ ඔක්සිජන් අඩු වීම හා මතු වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට ඔහු මෙසේ පිළිතුරු […]

අවුරුදු දීමනාවක් වශයෙන් සතොස හරහා ලබාදෙන සහන මල්ල සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්රතිචාර දැක්වූවා. ඒ අද පස්වරුවේ වෙළද අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වු අවස්ථාවේදියී. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සහන මල්ලට අන්තර්ගත සියලු ආහාර ඉහල ප්‍රමිතියකින් සහ නිවැරැදි ප්‍රමාණ වලින් අඩංගු ආහාර ද්‍රව්‍ය […]

වත්මන් රජය යම් දිනෙක වාහන ආනයනය සඳහා අවසර දෙන විට ඉලෙක්ට්‍රික් වාහන සඳහා වැඩි සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (05) දින පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි. අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් […]

පෙබරවාරී මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගනු ලැබු අතර එම සහනය එසේම පවතිද්දි අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් හෙට සිට රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශ පියවර ගෙන ඇත. ඒ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, […]

විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500ක් එලෙස ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත. තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන […]

පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (26) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, […]

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර තිබේ.අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් […]

web stats